අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෝකයට නත්තල නැතිකළ ගාසාවේ මළගම!

by editor
දෙසැම්බර් 23, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

සමහරවිට මේ මොහොත වනවිට ඔබ නත්තල සැමරීමට සූදානම් වනවා ඇත. මහා මනුෂ්‍යත්වය පිළිබඳ කතාවක් වර්ණනය කළ උත්තම ශාස්තෘවරයෙකුගේ උත්පත්තිය මහේශාඛ්‍ය ලෙස සමරන්නට ඔබ සැරසෙමින් සිටියත් ලෝක යථාර්ථය  නම්  අප වටා පැතිරෙමින් ඇත්තේ  ශාන්තුවරයින්ගේ උපත් ගබ්සාකරවන අශීලාචාර මේලේච්ඡත්වයේ අඳුර බවය.

කඩදාසි හෝ ප්ලාස්ටීක් සැරසිල්ලකින්. විදුලි බුබුලකින් පල්ලියක නැගෙන ගීතිකාවකින් ඒ අන්ධ අඳුර මග හැරෙන්නේ නැති බව ඔබට ලියා දැන්විය යුතුය.

යුද්දෙව්වෝ ලෝකයේ බිහිසුණුම සමූල ඝාතනය කරමින් සිටිති. දෙමසකට පෙර එම ම්ලේච්ඡ යුද්ධයේ මූලාරම්භක නිමිත්තත අතිශයම නින්දිත බව සැබෑය. පසුගිය ඔක්තොම්බර් 07 දා හමාස් මිනීමරුවන් නිරායුධ අසරණ මිනිසුන් 1200ක් මරා දමා 240ක් ප්‍රාණ ඇපයට ගැනීම ඓතිහාසික් නින්දිත තුච්ඡ ත්‍රස්වාදී ක්‍රියාවක් වූ බව සැබෑය.

ඊශ්‍රයාල හමුදාවේ ගොඩබිම මෙහෙයුම…

එහෙත් ලෝක බලවතුන් නිශ්ඡිත නිහඬ බවක් තුළ ගල් වී සිටිද්දී ඊශ්‍රයාලය පසුගිය 20 දා වනවිට නිරායුද අසරණ සිවිල් මිනිස්සු 20 057ක් ඝාතනය කර ඇත්තාහ. ඒ ගුවන් ප්‍රහාරවලට ලක්ව යට වී ගිය විසල් ගොඩනැගිලි සුන්බුන් තුළ වැළලී අතුරුදහන් වූවන් සම්බන්ධ දත්තවලින් තොරවය. මාරා දැමූ සාතිශය බහුතරය දරුවන් සහ කාන්තාවන්ය.

20 දා වනවිට ප්‍රහාරවලින් තුවාල ලැබූ 53, 320ක් තැන තැනය. මේ ධාරිතාව ගාසාහී රෝහල්වලට දරාගත හැකි නොවේ.  ජනගහණයෙන් 10න් එකක් ඝාතනය කර, පහනේ එකක් තුවාල කර, සියයටට  අසූ පහක් අනූවක් අතර ප්‍රජාවක් මේ ලියන මොහොත වනවිට   අවතැන් කර ඇත. මේ අසරණයෝ ජීවිතය පමණක් සහිතව තැන් තැන්වලට ඇවිදිමින් සිටිති. යළි යළිත් අවතැන් වෙති. මේ  යුද්ධය  ලෙයට ලෙයින් ගන්නා පලියට හෝ ගැලපෙන්නෙ නැති තිරිසන් කමක්   වහනය කරමින් ඇත.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ගාසා තීරයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නවතම අනතුරු යාවත්කාලීන කිරීම් වලට අනුව, ඊශ්‍රායල ප්‍රහාරයෙන් පලස්තීනුවන් 20,057 ක් මිය ගොස් 53,320 ක් තුවාල ලබා ඇති අතර එමඟින් විශාල ප්‍රදේශයක් විනාශ කර මිලියන 2.3 ක ජනගහණයෙන් වැඩි පිරිසක් අවතැන් වී ඇත.

 

ඊශ්‍රායල වාර්තා අනුව රොයිටර් වාර්තා කරන්නේ  ඔක්තෝබර් 20 වන දින තම ගොඩබිම් ආක්‍රමණය දියත් කළ දා සිට එහි සෙබළුන් 140 දෙනෙකු මියගොස් ඇති බවයි.

මේ වනවිට  උතුරු ගාසා තීරයේ ජබාලියා අල්-බලාඩ් සහ ජබාලියා සරණාගත කඳවුරට දැඩි ෂෙල් ප්‍රහාර සහ ගුවන් ප්‍රහාර එල්ල වී තිබේ.   .නිල පලස්තීන ප්‍රවෘත්ති ඒජන්සිය වන WAFA පැවසුවේ සිකුරාදා රාත්‍රියේ මධ්‍යම ගාසා තීරයේ නුසෙරාට්  සිවිල් නිවාසවෙත බිහිසුනු ගුවන් ප්‍රාහාර එල්ල වී ඇත.

මේ වනවිට මෙම අමානුෂික යුද්ධය ලෝකයට වාර්තා කිරීමට කැපවුන ජනමාධ්‍යවේදීන් 69 දෙනෙක් මියගොස් තිබේ.

එහෙත් ගාසාවේ අසරණ මිනිස්සු තවමත් ජීවිතය අත් නොහැර අල්ලා ගැනීමේ හද කම්පාකරවන අරගලයක නිරත වී සිටිති.

හමීඩ් අල්-සෙයින්… ඇස් ඇගන්නවත් බැරිවුන දරු පැටියා….

WAFA  පුවත් සේවය මේ වනවිට ගාසාවේ මැවී ඇති නිරය සිය වාර්තා ඔස්සේ අදත් ලෝකයට කීවේය. ජලය නැත. මේ ජල හිඟයම අවට පරිසරය අපායක් ලෙස දූෂණය කර තිබේ. එම දූෂිත පරිසරයෙන් සීතලෙන් මෙන්ම ආහාර හිඟයෙන් උපන් මන්දපෝෂණයත් නිසා පීඩිත නොදරුවෝ බුරුතු පිටින් රෝහල්තුළ මිය යන අකාරය පලස්තීන නිල පුවත් ඒජන්සිය වාර්තා කළේය.

ඔවුන්ගේ වාර්තා අතර දැක්වෙන  හමීඩ් අල්-සෙයින් නම් අවුරුදු දෙක හමාරක් වයසැති දරුවා ගේ කතාව ඔවුන් මුලු ගාසාවේම දරුවන්ගේ කතාව ලෙස උපුටා දක්වන්නේය. දරුවා සමග ඒ මව හමුවන්නේ රුධිර පරීක්ෂාව සඳහා ප්‍රවේශපත්‍රයක් තිබෙන නමුත් රෝහල් රාසායනාගාරයට නොගොස් අපද්‍රව්‍ය සහිත ජලය දොරේ ගලා යන රෝහල් මිදුලෙන් මෑත්ව කොරිඩෝවේ  අසරණව හිඳින පිරිස් අතරය.  ළදරු හමීඩ්ගේ මව කියා තිබුණේ සියදරුවා නිරන්තර උදර ආසාදනයකින් පෙළෙන බවය.

ඇය බොහෝ වත්කම් තිබුණු තැනැත්තියකි. ඇයගේ පවුලේ අය නැත. දරවා සමග හුදකලා වූ මේ මව නිවසින් පැමිණ ඇත්තේ ඇඳුම් කැබලි ටිකක් සහ අතට අසුවූ මුදලත් රැගෙනය. දැන් ඒ මුදල් අවසන්ය. සෑහෙන  කාලයක් තිස්සේ ඇය විසින් දරුවාට ලබා දී ඇත්තේ වියලි පාන් කැබැල්ලක් හෝ ලුණු සමග බැදගත් තිරිගු කුඩුය. මේ වනවිට මේ අම්මාට පාන් වාටියක් දීමට හෝ දරුවා වෙනුවෙන් ආහාරයක් මිලදී ගැනීමට මුදලක් ලබා දීමට ඉදිරිපත් වන කෙනෙක් නැත. ඇය දරුවාත් සමග මිය යන්නට නියමිතය.

“ පුතාගෙ බර කිලෝ ග්‍රෑම් 10ක් දක්වා බාගයකින් අඩු වුනා. දැන් එයාගේ බර කිලෝ ග්‍රෑම් 06යි. ඇය අසන්නී දැන් කුමක් කළ යුතුද කියාය.”

එතැනදී  පලස්තීන නිල පුවත් ඒජන්සියේ වාර්තාකරුවන්ට හමුවන උම් හමඩ් නැමැති කාන්තාව  පැවසුවේ ඇය සහ ඇගේ පවුලේ අය ඔක්තෝබර් මැද භාගයේදී ගාසාවට උතුරින් පිහිටි ජබාලියා නගරයෙන් පලා ගිය බවය. ඇය  දැන් වෙනත් පවුල් දුසිම් ගණනක් සමඟ මිතුරෙකුගේ නිවසක ජීවත් වන්නීය.

නටබුන් වූ ගාසා තීරය…

තවත් තරුණ මවක් සිය අතීතය සිහි කරමින් හඬා වැටි තිබුනාය. “අපි “බකීර්” ලා. බකීර් පවුල කිව්වම ජබාලියාවල කවුරුත් දන්නවා. අපි මුදල් දේපල තිබුණු මිනිස්සු . ඒත් අපි බෝම්බ ප්‍රහාරවලට ලක්ව ජබාලියාවලින් පලා ආවේ ඇඳිවත පිටින්. සල්ලි ටිකක් තියා අමතර ඇඳුමක් අරගන්න අපිට බැරි වුනා. අපි වැටිලා ඉන්න දුක්ඛිත තත්ත්වය බලන්න. මාරු කරගන්න ඇඳුමක් ගන්න, බෙහෙතක් ගන්න තබා බඩගින්නට කන්න මොනවා හරි ගන්න දැන් අපිට බෑ…”

දරුවෝ බහුල ලෙස අතීසාරයෙන් පෙළෙමින් සිටිති. අධික ජනාකීර්ණබව මෙන්ම ජල හිඟය, අපවිත්‍ර පරිසරය මේ වසංගත පැතිරීම වේගවත් කර තිබේ. මන්දපෝෂණයෙන් පෙලෙන දරුවන්ගේ දුර්වල ප්‍රතිශක්තියත් පවතින ශීත දේශගුණයත් බැක්ටීරියා සහ වෛරස් රෝග සඳහා සරු බිමක් ගාසා හි නිර්මාණය කර ඇත. බොහෝ අසරණයො ජීවත් වන්නේ සීතලයෙන් අසීමිත පීඩාවට පත් කුණු ගොඩවල්වලට මැදි වූ    කූඩාරම්වලය.  මේ නගරයේ සුන්බුන් වූ ගොඩනැගිලි සේම මේ මිනිස් ප්‍රාණීන්ගේ ජීවිත සුන්බුන් වී ඇත. ලෝකයේ එක් තැනක හෝ ලෝකය ඉදිරියේ තිරිසන් සමූල ඝාතනයක් සිදුවෙමින් තිබේ. ඒ සමූල ඝාතනය සාධාරණීකරණය කරන මේ ශිෂ්ඨයැයි පවසන ලෝකය නියාමනය කරන යුරෝපීය බලවතුන් ගේ නිරුවත් හැසිරීම යළිත් ලෝක යථාර්ථය පැහැදිලි කර  දී තිබේ.

ඒ අවබෝධය සහිතව මේ මොහොත ගත කිරීම අනාගතය සඳහා වැදගත් වනු ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජාතික ඩෙංගු මර්ධන වැඩසටහනෙන්  පී.එච්.අයි මහත්තුරු හලලා…

Next Post

රජයේ සේවකයින්ගේ 45ක් වූ වාර්ෂික නිවාඩු 25 තෙක් අඩු කිරීමට යෝජනාවක්!

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.