සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලොහාන් එක්කම බන්ධනාගාර ලොක්කො දෙදෙනාත් අත්අඩංගුවට ගන්න.. සී.අයි.ඩීයට පැමිණිල්ලක්…

by editor
සැප්තැම්බර් 16, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

හිටපු බන්ධනාගාර බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ   පසුගිය දොළොස් වැනි දා  අනුරාධපුර බන්ධනාගාරයට ගොස් එක් රැඳවුම්කරුවෙකුගේ හිසට පිස්තෝලය තබා තර්ජනය කිරීම වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි වරදක් බවත්, ලොහාන් රත්වත්තේ සමග   මෙවැනි සිදුවීමක් නොවූ බවට ප්‍රසිද්ධියේ මාධ්‍ය හරහා ප්‍රකාශ කළ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය සහ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක යන අය මෙම සිදුවීම වසන් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පරීක්ෂණය සිදුකර වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමට මැදිහත් වන ලෙසත් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් යොමු කර ලිඛිතව දන්වා සිටියේය.

එම පැමිණිල්ල මගින් ඔවුන් කියා සිටින්නේ මෙලෙසින් පිස්තෝලයක් භාවිතා කරමින් මරණ තර්ජනය කිරීම ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක අංක 1966 අංක 18 දරන ශ්‍රී ලංකා ආයුධ පනත ට අනුව වරදක් බවයි.

දණ්ඩ නීති සංග්‍රහය යටතේ මිනී මැරීමට තැත් කිරීමේ වරද ද මෙහිදී සංස්ථාපනය වන බව මෙලෙස  අධිකරණය යටතේ සිටින රැඳවුම්කරුවන්ට බලපෑම් කිරීම අධිකරණ කරන අපහාසයක්   බවත් එම පැමිණිල්ල මගින් ඔවුන් කරුණු දක්වා ඇත.

විවිධ ජනවර්ගවල විශාල රැඳවූවන් පිරිසක් සිටින අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් තෝරා ගෙන   ඔවුන්ට මරණ තර්ජන කිරීම් ඇතුළු අමානුෂික සහ අවමන් සහගත සැලකිල්ලට ලක් කිරීම ද 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත හෙවත් (ICCPR) යටතේ ද ගැනෙන වරදක් බව ඔවුන් දන්වා ඇත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

එසේම බන්ධනාගාර ආඥා පනතේ අංක 38 හා 39 වගන්තිවල සටහන් ප්‍රතිපාදනවලින් බැහැරව බන්ධනාගාර  රාජකාරිවලට බාධා කිරීම මගින්  බන්ධනාගාර ආඥා පනත උල්ලංඝණය වී ඇති බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව මෙම පැමිණිල්ල මගින් පෙන්වා දෙයි.

එසේම මෙම ක්‍රියාව එවැන්නක් සිදු නොවූ බවට ප්‍රකාශ කළ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ  මාධ්‍ය ප්‍රකාශකවරයා වන චන්දන ඒකනායක සහ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වරයා වන තුෂාර උපුල්දෙනිය ලොහාන් රත්වත්ත   සමගම අත්අඩංගුවට ගෙන අදාළ පරීක්ෂණ කර නීතිය හමුවට ඉදිරිපත් කළ යුතු බව ඉල්ලා සිටින සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ  කමිටුව අනුරාධපුර බන්ධනාගාරයේ මෙම සිද්ධියට අදාළ සීසීටීවී දර්ශන   මකාදැමීමේ  අවදානමක් පවතින බවද ඒ සඳහා කඩනමින් ආරක්ෂක පියවර ගන්නා ලෙසද ඉල්ලා සිටී.

Tags: නවතම
Share69Tweet43
Previous Post

“එන්නත්කරණයයි දැන් ආහාර සැපයුමයි හරියට වෙන්නේ හමුදාව නිසා”

Next Post

ඇමතිට අමුතු නීතියක් නෑ… පැමිණිල්ල අනුව විමර්ශන පටන් ගන්නවා… මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති කියයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.