හිටපු බන්ධනාගාර බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පසුගිය දොළොස් වැනි දා අනුරාධපුර බන්ධනාගාරයට ගොස් එක් රැඳවුම්කරුවෙකුගේ හිසට පිස්තෝලය තබා තර්ජනය කිරීම වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි වරදක් බවත්, ලොහාන් රත්වත්තේ සමග මෙවැනි සිදුවීමක් නොවූ බවට ප්‍රසිද්ධියේ මාධ්‍ය හරහා ප්‍රකාශ කළ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය සහ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක යන අය මෙම සිදුවීම වසන් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පරීක්ෂණය සිදුකර වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමට මැදිහත් වන ලෙසත් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් යොමු කර ලිඛිතව දන්වා සිටියේය.
එම පැමිණිල්ල මගින් ඔවුන් කියා සිටින්නේ මෙලෙසින් පිස්තෝලයක් භාවිතා කරමින් මරණ තර්ජනය කිරීම ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක අංක 1966 අංක 18 දරන ශ්‍රී ලංකා ආයුධ පනත ට අනුව වරදක් බවයි.
දණ්ඩ නීති සංග්‍රහය යටතේ මිනී මැරීමට තැත් කිරීමේ වරද ද මෙහිදී සංස්ථාපනය වන බව මෙලෙස අධිකරණය යටතේ සිටින රැඳවුම්කරුවන්ට බලපෑම් කිරීම අධිකරණ කරන අපහාසයක් බවත් එම පැමිණිල්ල මගින් ඔවුන් කරුණු දක්වා ඇත.
විවිධ ජනවර්ගවල විශාල රැඳවූවන් පිරිසක් සිටින අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් තෝරා ගෙන ඔවුන්ට මරණ තර්ජන කිරීම් ඇතුළු අමානුෂික සහ අවමන් සහගත සැලකිල්ලට ලක් කිරීම ද 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත හෙවත් (ICCPR) යටතේ ද ගැනෙන වරදක් බව ඔවුන් දන්වා ඇත.
එසේම බන්ධනාගාර ආඥා පනතේ අංක 38 හා 39 වගන්තිවල සටහන් ප්‍රතිපාදනවලින් බැහැරව බන්ධනාගාර රාජකාරිවලට බාධා කිරීම මගින් බන්ධනාගාර ආඥා පනත උල්ලංඝණය වී ඇති බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව මෙම පැමිණිල්ල මගින් පෙන්වා දෙයි.
එසේම මෙම ක්‍රියාව එවැන්නක් සිදු නොවූ බවට ප්‍රකාශ කළ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා වන චන්දන ඒකනායක සහ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වරයා වන තුෂාර උපුල්දෙනිය ලොහාන් රත්වත්ත සමගම අත්අඩංගුවට ගෙන අදාළ පරීක්ෂණ කර නීතිය හමුවට ඉදිරිපත් කළ යුතු බව ඉල්ලා සිටින සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව අනුරාධපුර බන්ධනාගාරයේ මෙම සිද්ධියට අදාළ සීසීටීවී දර්ශන මකාදැමීමේ අවදානමක් පවතින බවද ඒ සඳහා කඩනමින් ආරක්ෂක පියවර ගන්නා ලෙසද ඉල්ලා සිටී.