කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයේ මොන්ටෙරේ පාර්ක් හි වෙඩි තැබීමකින් පුද්ගලයින් ගණනාවක් ජීවිතක්ෂයට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මොන්ටෙරේ පාර්ක් යනු ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයේ, ලොස් ඇන්ජලීස් නගරයේ සිට සැතපුම් 7ක් (කිලෝමීටර් 11) පමණ දුරින් පිහිටි නගරයකි.
ලොස් ඇන්ජලීස් ටයිම්ස් වාර්තා කළේ, චීන චන්ද්‍ර අලුත් අවුරුදු සැමරුම් පැවැත්වෙන ස්ථානයට ආසන්නව, දේශීය වේලාවෙන් රාත්‍රී 10 න් පසු (0600 GMT) වෙඩි තැබීම සිදුව ඇති බවය.
කොපමණ පිරිසක් තුවාල ලබා හෝ මිය ගියාද, සැකකරු තවමත් නිදැල්ලේ සිටින්නේද යන්න සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තොරතුර නැත. .
පෙර දින මෙම උත්සවයට දස දහස් සංඛ්‍යාත ජනතාවක් පැමිණ සිටි බව ඒජන්සි වාර්තා දැක්වූයේය.
හදිසි කාර්ය මණ්ඩලය අනතුරට පත් වූවන්ට එම ස්ථානයේ ප්‍රතිකාර කරන ආකාරයත් දැඩි පොලිස් ආරක්ෂාවක් අවට සපයා ඇති ආකාරයත්ය.
අසල අවන්හලක හිමිකරු උපුටා දක්වමින් ලොස් අන්ජලීස් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ, පුද්ගලයන් තිදෙනෙකු තම අවන්හලට පැමිණ එම ප්‍රදේශයේ මැෂින් තුවක්කුවක් අතැති මිනිසෙක් සිටින බැවින් දොර අගුළු දමන ලෙස ඔහුට පැවසූ බවයි.