සඳ මත පා තැබූ දෙවන මිනිසා වන එඩ්වින් ඕලඩ්‍රින් ( Buzz Aldrin) ඔහුගේ 93 වන උපන්දිනයේදී තම දිගුකාලීන සහකරු සමඟ විවාහ වූ බව නිවේදනය කර තිබේ.
මෙම පුරාවෘත්තයක් බඳු මිනිසා සිකුරාදා ඔහුගේ උපන්දිනය සැමරුවේය. එම අවස්ථාවේ දී ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ ලොස් ඇන්ජලීස් හි පැවති කුඩා උත්සවයකදී 63 හැවිරිදි ආචාර්ය ඇන්කා ෆෝර් සමඟ තමන් අතිනත ගත් බවය.
ඔහු තම හිතවතුන්ට පැවසුවේ “ යෞවනයන් මෙන් උද්යෝගිමත්” බවින් යුතුව විවාහ මංගල්‍යයේ ඡායාරූප දෙකක් බෙදා ගන්නා බවය.
ඕල්ඩ්‍රින් මෙසේ ලිවීය: “මගේ 93 වැනි උපන්දිනය දවසේ දී, Living Legends of Aviation වෙතින් මා ද ගෞරවයට පාත්‍ර වන දිනයේදී, මගේ දිගුකාලීන ආදරවන්තිය වන අචාර්ය ඇන්කා ෆෝර් සහ මම විවාහ වූ බව සතුටින් ප්‍රකාශ කරමි.“
“අපි ලොස් ඇන්ජලීස් හි කුඩා පෞද්ගලික උත්සවයකදී ශුද්ධ වූ විවාහයට සම්බන්ධ වූ අතර පැන යන යෞවනයන් මෙන් උද්යෝගිමත් වෙමු.”
On my 93rd birthday & the day I will also be honored by Living Legends of Aviation I am pleased to announce that my longtime love Dr. Anca Faur & I have tied the knot.We were joined in holy matrimony in a small private ceremony in Los Angeles & are as excited as eloping teenagers pic.twitter.com/VwMP4W30Tn
— Dr. Buzz Aldrin (@TheRealBuzz) January 21, 2023