ලෝකයේ විශාලතම සූදුහල ලෙස සැලකෙන හොංකොං හි මැකාවු ප්‍රදේශයේ කොවිඩ් අසාදනකරුවන් වැඩිවීම මැඩපැවැත්වීම වෙනුවෙන් එම ප්‍රදේශයේ 600 000කට වැඩි පදිංචිකවරුන් සඳහා තුන්වැනි වරටත් කොවිඩ් පරීක්ෂණයක් කර ගැනීම අනිවාර්ය කරන ලදී.
මැකාවු හි යළිත් කොවිඩ් වසංගතය පැතිරෙමින් තිබෙන අතර පසුගිය සතියේදී පදිංචිකරුවන් දෙවරක් කොවිඩ් පරීක්ෂණ සඳහා මුහුණ දුන්හ. පසුගිය සතියේ ඉරිදා දින පමණක් කොවිඩ් රෝගීන් 38ක් අලුතෙන් හඳුනා ගත් අතර රෝගීන්ගේ සංඛ්‍යාව 299ක් දක්වා ඉහළ ගියේය. මේ වන විටත් සෞඛ්‍ය බලධාරීන් මැකාවු හි ගොඩනැඟිලි විශාල සංඛ්‍යාවක් අගුලුලමින් 5000කට වැඩි පුද්ගලයින් සංඛ්‍යාවක් නිරෝධායනයන කර තිබේ.
හැකි තරම් නිවෙස්වලට වී සිටින්න යැයි බලධාරීන් විසින් ජනතාව දැනුවත් කර තිබෙන අතර නගරයේ තැබෑරුම්, කොණ්ඩ කපන ස්ථාන, විනෝද උද්‍යාන ඇතුලු බොහොමයක් ස්ථාන වසා දමා තිබේ. කැසිනෝහල් බොහොමයක් ද පාළු වී ඇතත් දේශීය ජනතාවගේ රැකියා රැක ගැනීම උදෙසා එම ස්ථාන තවමත් විවෘතව පවතී.