පවතින බලශක්ති අර්බුදයේ විශාල පසුබෑමක් ලෙස දැරිය හැකි මිලකට ද්‍රව ස්වභාවික වායුව (එල්එන්ජී) ලබා ගැනීමට පාකිස්ථානය අපොහොසත් වී ඇත. 2015 දී එල්එන්ජී ආනයනය ආරම්භ කිරීමෙන් පසු පාකිස්ථානය පිළිගත් ඉහළම ලංසුව වූයේ බ්‍රිතාන්‍ය තාප ඒකකයක් ඩොලර් 30.65කි.
රජය විසින් පවත්වාගෙන යනු ලබන පාකිස්ථාන එල්එන්ජී ලිමිටඩ් (පීඑල්එල්), එල්එන්ජී කාගෝ හතරකට ටෙන්ඩරයක් ඉදිරිපත් කරන ලදී. එහෙත් එය ද අසාර්ථක විය.
ජූලි 2-3, ජූලි 8-9 හා ජූලි 25-26 බෙදාහැරීම් සඳහා ලංසු ඉදිරිපත් නොවිණි. මෙය පීඑල්එල් හි ද්‍රව ස්වභාවික වායු ලබා ගැනීමේ තෙවන අසාර්ථක උත්සාහය විය. කටාර් රාජ්‍ය පෙට්‍රෝලියම් සමාගමක් වන කටාර් එනර්ජි ආයතනය, බ්‍රිතාන්‍ය තාප ඒකකය මිලියනයකට ඩොලර් 39.8 බැගින් නැව්ගත කිරීමට ලංසු ඉදිරිපත් කර තිබිණි. එහෙත් එය ප්‍රතික්ෂේප කර තිබිණි.
මේ වන විට පාකිස්ථානය විදුලිය හා ඉන්ධන, කර්මාන්ත හා ගෘහ පරිභෝජනය සඳහා අවශ්‍ය නිසි ද්‍රව ස්වභාවික වායු සැපයුමක් නොමැති ඇති අතර ඉදිරි මාස කිහිපය දැඩි බලශක්ති අර්බුදයකට මුහුණ දෙනු ඇත.