අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලේ කිරි කර තැනූ දරුපැටව් මරණයේ සෙවනැලි සමග  පාසල වෙත නොඑවන්න..

. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාර්ග ආරක්ෂාව පිළිබඳ විශේෂඥ කමිටුව ඉල්ලයි...

by editor
මැයි 15, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

සිය ජීවිත බලාපොරොත්තුව වූ දරු පැටවුන් අනාරක්ෂිතව, මරණයත් සමග පාසල වෙත එවීමෙන් වළකින්නැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාර්ග ආරක්ෂාව පිළිබඳ විශේෂඥ කමිටුව රටේ සියලුම දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කරයි.

එක්සත් ජාතීන්ගේ මාර්ග ආරක්ෂණ සතිය අද (15) ආරම්භ වන අතර ඊට සමගාමීව පාසල් සඳහා ඉලක්ක කරගත් මාර්ග ආරක්ෂණ සතිය මැයි 12 වැනිදා ආරම්භ වූයේය.

මෙම මාර්ග ආරක්ෂණ සතිය තුළ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සමාජය තුළ  ස්ථාපිත කළ යුතු වැදගත් ආකල්ප  පිළිබඳව විශේෂ අවධානයක් සහිතව ශ්‍රි ලංකා වෛද්‍ය සංගමය  මෙම ඉල්ලීම සිදුකරන්නේ දත්ත මත පදනම් වෙමිනි.

2022 වසරේ මේ රටේ මාරක රිය අනතුරුවලින් පුද්ගලයින් 2523ක් මිය ගොස් තිබිණි. ඉන් 1050ක් මිය ගොස් ඇත්තේ යතුරුපැදි අනතුරුවලිනි. රටේ අනතුරුවලින් අඩකට ආසන්න ප්‍රමාණයක් යතුරුපැදි අනතුරුවලින් මිය යද්දී හිස් ආවරණ නොමැතිව, කීප දෙනෙක් බයිසිකලය මත නන්වාගෙන දරුවන් පාසලට රැගෙන එන අනාරක්ෂිත ප්‍රවාහන විධි වහාම නවත්වන ලෙස එම සංගමය දෙමව්පියන්ගෙන් මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවෙන් ද ඉල්ලීමක් කර තිබේ.

එමෙන්ම පහසුව හා ලාභය මත  අනාරක්ෂිත පරණ පාසල් ප්‍රවාහන රථවල දරුවන් පාසලට එවීමේ වගකීම් රහිත තීරණ නොගන්නා ලෙසත් එම තීන්දුව සමහර විට මුලු ජීවිත කාලයම පසු තැවෙමින් සිටිමට සලස්වන ප්‍රතිඵලයක් අත් කර දිය හැකි බවත්  ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ රථවාහන අනතුරු වැලැක්වීමේ කමිටුවේ විශේෂඥවරු දන්වා සිටිති.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඔවුන් පෙන්වා දෙන්නේ 2022 වසර තුළ පමණක් වයස අවුරුදු 19ට අඩු වයස් ඛාණ්ඩයේ 400කට ආසන්න දරු පිරිසක් රථ වාහන අනතුරුවලින් මහ මග මිය ගොස් ඇති බවය. එනම් සෑම දවසකම අඩුම තරමින් එක් දරුවෙක් මහ මග මිය යන රටක අප ජීවත්වන බවය.

ඒ අවාසනාවන්ත ඉරණමට ඔබේ දරුවා ගොදුරු නොකරන්නැයි විශේෂඥවරු ඉල්ලා සිටිති. ඔවුන් පෙන්වා දෙන්නේ ගෝලීය දත්ත ප්‍රකාරවත් මිනිසා විසින් නිර්මාණය කර ඇති දැවැන්තම මානව ව්‍යසනය රිය අනතුරු බවය. රටේ ආර්ථික උත්පාදනයෙන් රුපියල් බිලියන 855කට වඩා වැඩිපුර වැය වන්නේ මාර්ග අනතුරුවලින් සිදුවන ව්‍යසනයන් යථාවත් කිරීම සඳහා බවය.

මේ සම්බන්ධව වඩාත් පුලුල්ව කල්පනා කර ආනාගතය සඳහා රිය අනතුරුවලින් ආරක්ෂිත සමාජයක් බිහි කිරීමේ අඩිතාලම මේ ක්‍රියාත්ම මාර්ග ආරක්ෂණ සතිය තුළ රෝපණය කර එය පවත්වා ගැනීමට එක්වන ලෙසත්, සෑම පාසලකම මාර්ග ආරක්ෂක කමිටු පිහිටුවා පාසල් රිය අනතුරු මුක්ත කලාප ලෙස පවත්වා ගැනීමට සංවිධානය වන ලෙසත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාර්ග ආරක්ෂාව පිළිබඳ විශේෂඥ කමිටුව ජාතියෙන් ඉල්ලා සිටී.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාර්ග අනතුරු වැළැක්වීම පිළිබඳ විශේෂඥ කමිටුව සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අතර ඇති වූ  සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස, මැයි 12 සිට 16 දක්වා පාසල් දරුවන් ඉලක්ක කරගත් මෙම මාර්ග ආරක්ෂණ සතිය  පැවැත්වෙන්නේ අදින් ඇරඹෙන එක්සත් ජාතීන්ගේ ගෝලීය මාර්ග ආරක්ෂණ සතියට සමගාමීවය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සංස්කෘත විභාගයෙන් ඉහළම ළකුණු ගත් මුස්ලිම් තරුණයා

Next Post

එක්ස්ප්‍රස් පර්ල් වන්දි නඩුව සිංගප්පූරුවේ දී අද යළි කැඳවයි….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.