එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරින් සිදුවූ පරිසර හානිය වෙනුවෙන් වන්දි ඉල්ලා සිංගප්පූරු අධිකරණයක් හමුවේ ශ්‍රී ලංකාව පැනවූ නඩුව යළිත් අද(15) යළි කැඳවීමට නියමිතව තිබේ.
එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරින් සිදුවූ පරිසර හානිය වෙනුවෙන් වන්දි ඉල්ලා, නීතිපති දෙපාර්තමේන්තුව, සිංගප්පූරු අධිකරණයක් හමුවේ, පසුගිය 26 වැනිදා නඩුව පැවරීමෙන් අනතුරුව පසුගිය 9 වැනිදා පළමු වරට කැඳවනු ලැබුවේ ය.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින්, එරට නිතීඥ සංගමයක් නඩුවට පෙනී සිටීමට නියමිතය.
සිංගප්පූරු ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ 2021 වසරේ මැයි 20 වැනිදා ඇති වු ගින්නෙන් මෙරට සාගර පද්ධතියට දැඩි බලපෑමක් එල්ල විය.
මෙරට මුහුදු සීමාවේදී ගිනිගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානිය යළි ගණනය කිරිමට පියවර ගෙන ඇතැයි ද එය දැනට ඉල්ලා ඇති වන්දි මුදලට වඩා ඉහළ අගයක් ගනු ඇතැයි ද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.
එහි සභාපති නීතිඥ අසේල රැකව ඊයේ සඳහන් කළේ , නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි එම වාර්තාව සැකසීම ආරම්භ කර ඇති බවය.