උත්තර් ප්‍රදේශ් මධ්‍යමික් සංස්කෘත ශික්ෂා පරිෂද් මණ්ඩලයේ උත්තර මධ්‍යම – 2 (12 පන්තිය) විභාගයෙන් සීයට 82.71ක් ලබා ගනිමින් විභාගය සමත් වීමට මුස්ලිම් තරුණයෙකු වන 17 හැවිරිදි මොහොමඩ් ඉර්ෆාන් සමත් වී තිබේ.
උත්තර් ප්‍රදේශ් හි චන්දවුලි දිස්ත්‍රික්කයේ ගොවිපලක දෛනික කුලි කම්කරුවෙකු වන සලාවුදීන්ගේ පුත්‍රයා වන ඉර්ෆාන් සංස්කෘත ගුරුවරයෙකු වීමට කැමැත්තෙන් සිටියි. 10 හා 12 පන්තිවල විභාගවල ඉහළම ලකුණු ලැබූ සිසුන් 20 අතර සිටින එකම මුස්ලිම් ජාතිකයා ඔහු වේ.
“මිනිසුන් භාෂාවක් ආගමක් සමඟ සම්බන්ධ කරන්නේ මන්දැයි මට වැටහෙන්නේ නෑ.. හින්දු භක්තිකයෙකුට උර්දු භාෂාව දක්ෂ ලෙස ඉගෙන ගැනීමට හැකි විය හැකි අතර, මුස්ලිම්වරයෙකුට සංස්කෘත ඉගෙනීමට ඉතා දක්ෂ විය හැකියි. මම අධ්‍යාපනයේ වටිනාකම තේරුම් ගත් උපාධිධාරියෙක්..” යැයි ඉර්ෆාන් මාධ්‍ය අමතමින් කියා සිටියේ මිනිසුන් ඇතැම් භාෂා සමහර ආගම් සමඟ සම්බන්ධ කිරීම පිළිබඳ ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.
ඉර්ෆාන් සංස්කෘත භාෂාව හැදෑරීමට තෝරා ගැනීමෙන් පසු කිසියම් ගැටලුවක් තිබේදැයි ඇසූ විට සලාවුදීන් පැවසුවේ, “නැහැ, කිසිවක් නැහැ.. ඔහු ඉගෙනීමට වෙනත් විෂයයක් තෝරා ගැනීම ගැන මම සතුටු වූ අතර මම ඔහුව දිරිමත් කළා.. අපි මුස්ලිම් නිසා එය වෙනස් තේරීමක් වූ නමුත් ඔහු එයට උනන්දු වූ නිසා මම ඔහුව නැවැත්තුවේ නෑ.. මම ඔහු ගැන බොහොම ආඩම්බර වෙනවා..” ‘ද කාශ්මීර් මොනිටර්’ වෙබ් අඩවිය වාර්තා කර තිබිණි.