වාරික නොගෙවීම නිසා කල්බදු සමාගමක නියෝජිත පිරිසක් විසින් ටිපර් රථයක් පැහැර ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ එහි හිමිකරු එම රථයටම යටවී මරණයට පත්වීමේ සිද්ධියකට විරෝධය පල කරමින් මරණකරු ජීවත්වූ පොල්ගොල්ල මීගම්මනවත්ත ප්‍රදේශයේ පිරිසක් අද එම කල් බදු සමාගම ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක නිරත වූහ.
මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් වත්තේගම පොලීසිය අදාළ කල්බදු සමාගමේ කළමණාකාරවරයා ඇතුළු තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
වත්තේගම පොලිස් බල ප්‍රදේශයේ පොල්ගොල්ල මීගම්මන වත්තේ පදිංචි ව්‍යාපාරිකයකු වන ජාලිය පරාක්‍රම (35) නැමැති අය පසුගිය 18 දින මෙසේ අවාසනාවන්ත ලෙස මෙලෙස මරණයට පත්විය.
තම නිවස අසළ නවතා තිබූ ටිපර් රථය පැහැරගෙන යාමට කල්බදු සමාගමේ සීසර්වරු උත්සහ කළ අවස්ථාවේ එය වැලැක්වීම සඳහා ව්‍යාපාරිකයා ටිපර් රථයේ එල්ලී ඇති අතර එය වේගයෙන් ඉදිරියට ධාවනය වෙත්දී රථයෙන් ඇද වැටී ව්‍යාපාරිකයා ටිපර් රථයටම යටවී මරණයට පත්ව තිබිණි.
වාහනය පැහැර ගැනීමට පැමිණි පුද්ගලයින් සිද්ධියෙන් පසු සැඟවී සිට ඇත. ඉන් එක් අයෙක් ගලගෙදර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව ඇත.
පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචි තවත් සැකකරුවෙකු පොලීසියට පැමිණ බාරවී තිබේ. ටිපර් රථය පොලීසිය විසින් සොයාගෙන තිබෙන අතර සීසර් කරුවන් පැමිණි තවත් වාහනයක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ පවත්වයි.
තෙල්දෙණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්. බි. පලිහවඩන, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කීර්ති රණවීරගේ උපදෙස් මත වත්තේගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පාලිත ඉලංගන්සේකරගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත ජයසේකර ඇතුළු පොලිස් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.