අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

අද මන්ත්‍රි වෙන්න හිටි ධම්මික පෙරේරා තීරණය වෙනස් කරයි!

by Lanka Sara Editor
ජූනි 21, 2022
in දේශපාලන, පුවත්
Share on FacebookShare on Twitter

 

 

අද (21)  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට අපේක්ෂා කළ ව්‍යාපාර නායක ධම්මික පෙරේරා ඔහුගේ පත්වීම ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරන තුරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් නොදෙන බවට සිය නීතීධයන් මාර්ගයෙන් අධිකරණය වෙත දන්වා ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තමන් පත් කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයක් නිකුත් කරන මෙලෙස   තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස හෝ රජයේ අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් නොදෙන බවට ඔහු ප්‍රකාශ කර ඇත.ඔහුගේ පත්වීමට එරෙරහිව ඉදිරිපත්ව ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් ඊයේ ප්‍රියන්ත ජයවර්ධන, යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී ව්‍යාපාරික ධම්මික පෙරේරා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පත් කිරීම අභියෝගයට ලක් කරමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA), මාධ්‍යවේදී රෝයෙල් රේමන්ඩ්, ලේඛක ගාමිණී වියන්ගොඩ ඇතුළු පෙත්සම්කරුවන් 4 දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබුණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 ඒ වගන්තියට අනුව, පෙත්සම්කරුගේ ස්ථාවරය වන්නේ, එවැනි පුරප්පාඩුවක් පිරවීමට යම් පුද්ගලයකුට නම් කිරීමට හිමිකම් ඇත්තේ අදාළ දේශපාලන පක්ෂය විසින් ඉදිරිපත් කරන දිස්ත්‍රික් නාමයෝජනා පත්‍රවල හෝ ජාතික ලැයිස්තුවේ ඔහුගේ නම ඇතුළත් වූයේ නම් පමණක් බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99ඒ ව්‍යවස්ථාව යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කළ ලැයිස්තුවේ හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මහ මැතිවරණය සඳහා ඉදිරිපත් කරන ලද කිසිදු මැතිවරණ දිස්ත්‍රික්කයක් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රයක ධම්මික පෙරේරාගේ නම නොමැති බව පෙත්සම්කරුවෝ ප්‍රකාශ කළහ.

පෙරේරා මහතා වැලිලි ක්ෂේත්‍රෙය් විදුලිබල ක්ෂේත්‍රයේ සිට විවිධ ව්‍යාපාර රාශියක හිමිකාරිත්වයක් ඇති අතර  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හෝ ඇතැම් විට  කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස ඔහ  පත්කිරීමෙන් ඇති වූ සැබෑ පක්ෂග්‍රාහීත්වය සහ තම ආයතනික බැඳියාවන් සමග යම් ගැටීමක් ඇති විය හැකි බවද  පෙත්සම්කරුවෝ පෙන්වා දුන්හ.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91(1)(ඉ) ව්‍යවස්ථාව මගින් රජය හෝ රාජ්‍ය සංස්ථාවක් විසින් හෝ කරනු ලබන එවැනි කොන්ත්‍රාත්තුවක් සම්බන්ධයෙන් එවැනි උනන්දුවක් දක්වන පුද්ගලයෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීමට නුසුදුසු බව පෙත්සම්කරුවෝ කියා සිටියහ.

ඒ අනුව, ධම්මික පෙරේරාගේ පත් කිරීම නීති විරෝධී, අත්තනෝමතික, අතාර්කික, දැඩි අසාධාරණ, නීතියට පටහැනි බවත්, පරීක්ෂා නොකළහොත් ශ්‍රී ලංකාවේ ජනතාවට සහ නීතියේ ආධිපත්‍යයට බරපතල හා ආපසු හැරවිය නොහැකි හානියක් සහ අගතියක් සිදුවන බවත් පෙත්සම්කරුවෝ කියා සිටියහ.

මෙම පත්කිරීම 10 වැනි වගන්ති (සිතීමේ, හෘදය සාක්ෂියේ සහ ආගමේ නිදහස), 12(1) (නීතියේ සමාන ආරක්ෂාව සඳහා ඇති අයිතිය) වගන්ති යටතේ සහ , සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(අ) (භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස) සහතික කර ඇති ශ්‍රී ලංකාවේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් සහ අඛණ්ඩව උල්ලංඝනය කිරීමක් බව පෙත්සම්කරුවෝ වැඩිදුරටත් කියා සිටියහ.

පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ එම්.ඒ.සුමන්තිරන්, ජ්‍යෙෂ්ඨ නීතිඥ සුරේන් ප්‍රනාන්දු, විරාන් කොරයා යන මහත්වරු පෙනී සිටියහ.

ධම්මික පෙරේරා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සහ නීතීඥ සනත් විජේවර්ධන මහතා පෙනී සිටියේය.

මෙම පෙත්සම් විභාගය වැඩිදුරටත් අද දින පැවැත්වීමට නියමිතය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලීසිං කාරයින් පැහැර ගැනීමට තැත් කළ ටිපර් රථයට යටවී වාහනේ හිමි කරුවා මිය යයි…

Next Post

බද්දකට වංගු ගසා ජාතියක් ආදාහනය කරන හැටි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.