අද සිට යළි ගෑස් බෙදා හැරීම ආරම්භ කරන බව ලිට්‍රෝ සමාගම නිවේදනය කර තිබේ.
ලිට්‍රෝ පුරා දින 04ක් එකම ගෑස් සිලින්ඩරයක්වත් වෙළෙඳපලට නිකුත්කර තිබුණේ නැත.
මුලදී ප්‍රමිතියෙන් බාල බව කීවත් පසුව අනුමැතිය ලැබුණු ගෑස් නැවේ ගෑස් සංචිත ගොඩබෑමෙන් පසු මේ මෙහෙයුම් කටයුතු ආරම්භ වී තිබේ.
ලිට්‍රෝ සමාගම නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, තවත් ගෑස් නෞකා දෙකක් කෙරවලපිටිය ලිට්රෝ ගෑස් පර්යන්තය ආසන්නයේ නතර කර ඇති බවය.
එහි අඩංගු ගෑස් සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියේ සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනුමැතිය අපේක්ෂාවෙන් පසුවන බව ද ලිට්‍රෝ සමාගම දන්වා ඇත.