එළඹෙන යල කන්නය තෙක් රසායනික පොහොර ගෙන්විය නොහැකි බව පොහොර ආනයන කරුවන්ගේ ලේකම් සුජීව වලිසුන්දර අද හිරු පුවත් සේවය සමග විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් පැවසුවේය.
රසායනික පොහොර ගෙන්වීමට අනුමැතිය ලැබුනේ මීට සති දෙකකට පෙර බවත්, සමාගම් සඳහා ඇනවුම් ඉදිරිපත් කිරීමට ගතවන කාලය, එම පොහොර තොග නැවු මගින් සති කීපයක කාලයක් ගතකර ප්‍රවාහනයට වැය වන කාලය, සලකා බලනවිට මේ කන්නයේ ගොවිතැනින් කොටසක් අත්හැරීම වැළැක්විය නොහැකි බව ඔහු කියයි.
“පොහොර ආනයනය කරලා රටට ගෙන්වන්න තවත් කාලයක් යනවා. මේ වනවිට වී වගාව ආශ්‍රිතව යූරියා වැනි මූලික පොහොර යොදන කාලය පහුවෙලා ගිහින්. මේ කන්නයේ මූලික පොහොර අවශ්‍යතාවය සපුරාගන්න බැරි විදිහක් තමයි තිබෙන්නේ. මේ තත්වය තුළ රසායනික පොහොර භාවිතයෙන් කරන ගොවිතැනේ යම් කිසි ප්‍රමාණයක් අත්හරින්න සිදුවනවා. “ ලේකම්වරයා කීවේය.
යූරියා ටොන් එකක් ඩොලර් 1100ක් බවත්, යූරියා ආනයනය කර බෙදා හරින විට යූරියා මිටියක් සඳහා රුපියල් 13000ක පමණ මිලක් දරන්නට සිදුවන බවත් පවසන ලේකම්වරයා වෙනදා වගාව සඳහා දැරූ පිරිවැයට වඩා සියයට 30 -40ක පිරිවැයක් දැරීමට ගොවියාට සිදුවනු ඇතැයි පෙන්වා දෙයි.