අය වැය දවස් 23ට පාර්ලිමේන්තුවේ වියදම කෝටි 80 යි…

සුජිත් හේවාජූලිගේ –

අයවැය විවාද පැවැති කාලසීමාවේදි  පාර්ලිමේන්තුවේ  කටයුතු පවත්වාගෙන යෑම සඳහා   රුපියල්  කෝටි 80 කට ආසන්න මුදලක්  වැය කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ    පසුගිය නොවැම්බර් මස  12 වැනිදා අයවැය කතාව පැවැත්වීය. එදිනට පසු දින එනම්  නොවැම්බර් මස 13 වැනිදා සිට  අයවැය විවාද ආරම්භවූ අතර   එම විවාද අවසන් වූයේ පසුගිය 10වැනිදා  අයවැය අවසන් ඡන්ද විමසීම පැවැත්වුණු  දිනයේදීය.

මේ අනුව අයවැය විවාද පැවැත්වුණු දින ගණන 23කි.

පාර්ලිමේන්තුව පවත්වාගෙන යෑම සඳහා සාමාන්‍යයෙන් දිනකට වැය වන මුදල ලෙස ගණන් බලා ඇත්තේ රුපියල් දෙකෝටි පනස් හත් ලක්ෂයක පමණ මුදලකි. අයවැය කාලසීමාවේදී පාර්ලිමේන්තුවේ කටයුතු වැඩි වෙලාවක්  සක්‍රියව පවතින හෙයින්  එම මුදල  ඒ කාල සීමාවේදී ඊට වඩා වැඩි වන බව  පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.

RelatedPosts

මන්ත්‍රීවරුන්ගේ සහ  පාර්ලිමේන්තු සේවකයන්ගේ වැටුප් හා  දීමනා, ආහාර පාන සැපයීම, විදුලිය සහ ජල සැපයුම, ප්‍රවාහන පහසුකම්, ලිපි ද්‍රව්‍ය සැපයීම ඇතුළු කටයුතු වෙනුවෙන්  මෙම මුදල වැයවන බව ගණන් බලා ඇතැයි පවසන එම නිලධාරීහු  අයවැය කාලයේදී පාර්ලිමේන්තු සභාගර්භයේ සහ අනෙකුත් ස්ථානවල වායු සමීකරණ පද්ධති  එක දිගට ක්‍රියාත්මක වන හෙයින් විදුලිය සඳහා විශාල පිරිවැයක් එම කාලයේදී දැරීමට සිදුවන බවද ප්‍රකාශ කරති.

මේ අතර මන්ත්‍රීවරයෙකුගේ ආහාර වේලක් සඳහා (මාළු සහිත) සාමාන්‍යයෙන්  දිනකට  වැය වන මුදල රුපියල් 951කි. එළවළු පමණක් සහිත ආහාර වේලක් සඳහා රුපියල් 629ක් පමණ වැය කෙරෙන බව පාර්ලිමේන්තු  විගණන අංශ පවසයි.

ලංකාදීප-

Related Posts

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

ADVERTISEMENT

Advertisement

ADVERTISEMENT