අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලිට්රෝ සහ ලාෆ් වට්ටන ඩීල් එකේ සිටින ඕමාන සමාගම පසුපස ප්‍රබල ආගමික නායකයෙක් !

by editor
ජූනි 9, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මෙරට ගෑස් ව්‍යාපාරයේ නිරත ලිට්රෝ සහ ලාෆ් ගෑස් සමාගම් දෙකම මූල්‍ය වශයෙන් අලාභ ලබන තැනට පත් කිරීම සඳහා ඕමාන සමාගමක් සූක්ෂම ලෙස ක්‍රියාත්මක වන බවත් එහි දේශීය නියෝජිත සමාගම මෙම කටයුත්ත සඳහා මෙරට ප්‍රබලතම ආගමික නායකයකු හරහා රජයට බලපෑම් කරන බවත් ලංකාසර ට වාර්තා වේ.

ලිට්‍රෝ්‍ ගෑස්…

දැනට මෙරට ගෑස් ව්‍යාපාරයේ නිරත ලිට්රෝ සහ ලාෆ් සමාගම් දෙකටම ලාබදායීවන ආකාරයට ඉදිරිපත්ව ඇති ලාෆ් ගෑස් සමාගමේ හම්බන්තොට පර්යන්තයෙන් සියයට 40ක් ලිට්රෝ වෙත ලබා දීම සඳහා රජය විසින් සකස් කරන ලද කැබිනට් පත්‍රිකාව හමුවේ මෙම ආගමික නායකයා එය ක්‍රියාත්මක නොකරන ලෙස රජයේ ඉහළ පෙළේ දේශපාලකයකු වෙතින් ඉල්ලා ඇත.

කැබිනට් පත්‍රිකාව දෙවරක් හකුලාගෙන…

මේ හේතුවෙන් මෙම කැබිනට් පත්‍රිකාව මේ වනවිට දෙවරක් කැබිනට් මණ්ඩලය හමුවේ ඉදිරිපත් වුවද එය සම්මත නොවන තැනට පැමිණ ඇතැයි මෙම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.

ලිට්රෝ සමාගමට ලාෆ් ගෑස් සමාගමේ ගෑස් පර්යන්තයෙන් සියයට 40ක් ලබා දීම සඳහාවන කැබිනට් මණ්ඩල යෝජනාව පසුගියදා දෙවන වරට ඉදිරිපත් වුවත් මේ ගනුදෙනුව පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා අමාත්‍යවරුන් පස්දෙනකුනේ සමන්විත කැබිනට් අනුකමිටුවක් වෙත පවරා ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ණය ගෙවා ගන්නත් බැරිව හිරවෙලා..

ලාෆ් ගෑස්…

මෙම ලිට්රෝ ලාෆ් හවුල්කාර යෝජනාව පැමිණියේ පසුගිය කාලයේ ලෝක වෙළෙඳපොලේ එල්.පී ගෑස් මිල වැඩිවීම හමුවේ ශ්‍රි ලංකාවේ ගෑස් සිල්ලරයක මිල වැඩි කිරීමට පාරිභෝගික අධිකාරිය එම සමාගම්වලට අවසර නොදීම හේතුවෙනි. දේශීය පෞද්ගලික සමාගමක් වන ලාෆ් ගෑස් සමාගම හම්බන්තොට ගෑස් පර්යන්තය ඉදි කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 65ක් පමණ වැඩි කළ අතර එහිදී ඩොලර් මිලියන 22ක් ලාෆ් ටර්මිනල් සමාගම මහජන බැංකුව සහ ලංකා බැංකුවෙන් ණය මුදලක් ද ලබාගෙන ඇත.

ජාත්‍යන්තර මිල ගණන්වලට සාපේක්ෂව මෙරට ගෑස් මිල වැඩි කිරීමට ඉඩ ලබා නොදීම හේතුවෙන් මේ වනවිට ලාෆ් ගෑස් සමාගමට අති විශාල පාඩුවක් දරන්නට සිදුව ඇත. මේ තත්ත්වය අවම කිරිම සඳහා එම සමාගමේ නියෝජිතයන් ජනාධිපතිවරයා හමුවීමෙන් පසුව මේ සම්බන්ධයෙන් පත් කරන ලද කමිටුවක යෝජනාවක් පරිදි ලාෆ් ගෑස් පර්යන්තයේ අයිතියෙන් සියයට 40ක් සඳහා හවුල්කාර ආයෝජනයක් යෝජනා කර ඇත. එම යෝජනාවෙන් ලිට්රෝ සමාගමටද ලාෆ් සමාගමටද තම වියදම් අඩු කර ගැනීමට සහ ආදායම් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කර ඇත.

රටට වෙන ලාභය

දැනට ලිට්‍රෝ ගෑස් සමාගම හි එල්. පී. ගෑස් ටොන් එකක් මිලදී ගැනීම සහ ප්‍රවාහන සඳහා ඇමෙරිකානු ඩොලර් 105.4 ක් වැය කරන අතර මෙම ගෑස් ගෙන්වීමේ මෙහෙයුම සිදු කරන්නේ ඕමාන සමාගමක් සහ එහි දේශීය ඒජන්ත සමාගමකි. මෙම ගෙන එන ගෑස් ටොන් එකක් සඳහා පර්යන්ත ගාස්තුව ලෙස ඩොලර් 31.67 ක් වැය වන අතර ඒ අනුව, කෙරවලපිටිය පිරවුම් ස්ථානයට පැමිණෙන විට ලිට්රෝ ගෑස් ටොන් එකක සමස්ත පිරිවැය ඩොලර් 137.07 කි.
එසේ වුවද ලාෆ් ගෑස් සමාගම මෙරටට ගෑස් ගෙන්වීමේදී මෙට්‍රික් ටොන් එකක් සඳහා වැය වන්නේ ඩොලර් 35කි .

LAUGFS-
ලාෆ් ගෑස් පර්යන්තය

දැනට පවතින ඩොලර් 18 ක පර්යන්ත ගාස්තුව සමඟ එල්. පී. ගෑස් මෙට්‍රික් ටොන් එකකට හම්බන්තොට පිරවුම් ස්ථානයේ ප්‍රසම්පාදන පිරිවැය ඩොලර් 53 කි. කෙසේ වෙතත්, හම්බන්තොට ලාෆ්ස් හි පර්යන්ත ධාරිතාව භාවිතා කරන්නේ නම්, ඩොලර් 30 ක ප්‍රවාහන වියදම ද ඇතුළත් ව කෙරවලපිටිය සඳහා වන පිරිවැය මෙට්‍රික් ටොන් එකකට ඇමරිකානු ඩොලර් 83 ක් වේ. ලිට්රෝ ගෑස් සමාගම පර්යන්තය භාවිත කරන්නේ නම් වසරකට ඩොලර් මිලියන 22.7 ක් හෝ රු. මිලියන 4,540 ක් ඉතිරි කර ගත හැකි වේ.

ඒකාබද්ධ මිල දී ගැනීමෙන් මෙට්‍රික් ටොන් එකකට ඩොලර් 20 ක අමතර ප්‍රතිලාභයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර නව ක්‍රමෝපාය මගින් යාත්‍රා 44,000 ක් භාවිතා කිරීමෙන් සමාගම් දෙකටම වාසි වන පරිදි වාර්ෂිකව ඩොලර් මිලියන 9.6 ක අතිරේක ආදායමක් උත්පාදනය වන බවට යෝජනා වී ඇත.
මෙම යෝජනාව මඟින් ලාෆ් ගෑස් සමාගම මිල දේශීය ගෑස් මිල වැඩි නොකිරීම නිසා ලබන අලාභය අවම වන අතර දැනට එම සමාගම ණය වී ඇති මහජන බැංකු සහ ලංකා බැංකු ශේෂ පත්‍රයන්ද වර්ධනය වනු ඇති බවට පුරෝකථනය කර ඇත.

එසේ වුවද මෙම යෝජනාව ක්‍රියාත්මක කළහොත් අධික ලාබයක් ලබන තුන්වැනි පාර්ශ්වයට එය අහිමි වීම හේතුවෙන් ඔවුන් මෙම සමාගම් දෙකටම හිතකරවන යෝජනාව වියවුල් කිරීම කටයුතු කරන බවත් මේ සඳහා අමාත්‍යවරුන් කිහිප දෙනකු සහ පසුගිය දිනවල රජය දැඩි සේ විවේචනය කළ ප්‍රබල ආගමික් නායකයකුද සිටින බවත් ව්‍යාපාර ආරංචි මාර්ග ලංකාසරට පැවසීය. .

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ගාල්ලේ සෞඛ්‍ය සේවකයින්ට යැවූ එන්නත් විකිණූ බව දන්නෙ නෑ… පරීක්ෂණයක් තියනවා… හේමන්ත හේරත්…

Next Post

හොර උපාධී මගඩි කළ ජාතික අධ්‍යාපන ආයතනයේ කථිකාචාර්යවරිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයට

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.