අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හොර උපාධී මගඩි කළ ජාතික අධ්‍යාපන ආයතනයේ කථිකාචාර්යවරිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයට

හොර උපාධිය සහතිකය අතටම අසුවූ විට දඬුවම් පසෙක තබා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයට අනුයුක්ත කරගෙන...

by editor
ජූනි 9, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොළඹ විශ්විද්‍යාලයෙන් නිකුත් කළ බව කියා ව්‍යාජ පශ්චාත් උපාධි සහතිකයක් ඉදිරිපත් කර ජාතික අධ්‍යාපන ආයතනයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය තනතුරක් ලබාගෙන වැටුප් ලබමින් සිටිය දී හසුවුණු කාන්තාවකට දඬුවම් කරනු වෙනුවට දැනට ජාතික අධ්‍යාපන ආයතනයේ වැඩබලන අධ්‍යක්ෂජනරාල් වරයා ලෙස කටයුතු කරන විවෘත විශ්විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය උපාලි සේදර විසින් තම අමාත්‍යාංශයට අනුයුක්ත කරගෙන ඇතැයි ද මේ මොහොත වනතුරුත් ඇය සම්බන්ධ විනය ක්‍රියා මාර්ගයක් ගෙන නැතැයි ද වාර්තා වේ.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

ජාතික අධ්‍යාපන ආයතනයේ කථිකාචාර්ය තනතුරක සිටි මෙම කාන්තාව එම ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තනතුරකට උසස් වීම සඳහා කොළඹ විශ්විද්‍යාලය විසින් නිකුත් කළ පශ්චාත් උපාධි සහතිකයක් ඉදිරිපත් කර ඇත. එම සහතිකය ඉදිරිපත් කරමින් ඇය වර්ෂ 2019 සැප්තැම්බර් මාසයේ දී උක්ත තනතුරට පත් වී තිබේ.

ඇය ඉදිරිපත් කළ සහතික පිළිබඳ නිශ්චිත පටිපාටිය අනුව විමසා බැලීමකින් තොරව එම තනතුරේ ඇයව පිහිටුවීමට ජාතික අධ්‍යාපන ආයතනය කටයුතු කර ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

වසර එක හමාරකට පසුව මෙම සහතිකයේ නිවැරදිභාවය සම්බන්ධව සහතික කරගැනීම සඳහා එය කොළඹ විශ්විද්‍යාලයට යොමු කර ඇත. එහිදී කොළඹ විශ්විද්‍යාලය ජාතික අධ්‍යාපන ආයතනයට දන්වා ඇත්තේ එම සහතිකය ව්‍යාජ සහතිකයක් බවත් මෙම සහතිකය ඉදිරිපත් කළ තැනැත්තිය සම්බන්ධව නිශ්චිත විනය ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසත් ය.

එහෙත් විනය ක්‍රියා මාර්ග ගන්නවා වෙනුවට කොළඹ විශ්විද්‍යාලයෙන් මේ වංචාව ගැන දන්වා දින දෙකක් ගිය පසු ජාතික අධ්‍යාපන ආයතනයේ පරිපාලන හා මානව සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරියක් වංචාකාර කාන්තාවට දන්වා ඇත්තේ විස්තරාත්මක ප්‍රතිඵල ලේඛනයක් ඉදිරිපත් කර ප්‍රතිඵල සහතික කරන ලෙසය. එම ලිඛිත ඉල්ලීම කර ඇත්තේ පසුගිය මස 08 වැනිදා ය.

මෙසේ දැනුම් දීමෙන් දින දෙදකට පසු එනම් පසුගිය මස 10 දා මෙම කාන්තාව ජාතික අධ්‍යාපන ආයතනයේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන උපාලි සේදර විසින් තමන්ගේ අමාත්‍යාංශයට අනුයුක්ත කරගෙන තිබේ.

මේ සම්බන්ධව කළ විමසීමකදී මාධ්‍යයට ප්‍රකාශක් කරමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලේකම් උපාලි සේදර පැවසුවේ ඇයව තමන්ගේ අමාත්‍යාංශයට අනුයුක්ත කර ගත්තේ ඇය සම්බන්ධව සිදු කරන පරීක්ෂණය අවසන් වනතෙක් බවය.

එහෙත් මේ සම්බන්ධව කළ විමසීමක දී රාජ්‍ය සේවාකොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ට නිලධාරියෙක් ලංකාසරට පැවසුවේ ව්‍යාජ සහතික ඉදිරිපත් කිරීමේ වංචනික ක්‍රියාවක් කර ඇති බව විශ්විද්‍යාලයකින් තහවුරු කර එම වංචාකරු පිළිබඳ පර්යේෂණයක් කරන ලෙස දන්වා සිටින අවස්ථාවක දී විනය පරීක්ෂණය කළ යුත්තේ අදාල පුද්ගලයාගේ වැඩ තහනම් කිරීමෙන් අනතුරුව බවය.

මේ සිදුවීම සම්බන්ධව කළ විමසීමක දී සමස්ථ ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ මෙය සමස්ථ ගුරු  අධ්‍යාපන සේවයම හෑල්ලු කිරීමක් බවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලේකම්වරයාගේ හැසිරීම ප්‍රශ්න කාරී බවත්ය.

අධ්‍යාපන සහතිකත් හොරට ලබාගත් කථිකාචාර්යවරුන් හා අධ්‍යාපන සුදුසුකම්වලත් ගැටලුකාරී තත්වයක් ඇති කථිකාචාර්ය පිරිසක් සහිත ජාතික අධ්‍යාපන ආයතනය වැනි තැනකට රටේ ගුරු අධ්‍යාපන විද්‍යා පීඨ නතු කරගැනීමට  ලේකම් වරයෙක් දරන උත්සාහය දැඩි ලෙස හෙළා දකින බවත් එය අධ්‍යාපන ක්ෂේත්‍රයටම කරන බරපතල විනාශයක් බවත් එම සංගමය වැඩි දුරටත් කීවේය..

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලිට්රෝ සහ ලාෆ් වට්ටන ඩීල් එකේ සිටින ඕමාන සමාගම පසුපස ප්‍රබල ආගමික නායකයෙක් !

Next Post

රෝගීන්ගේ 12%ක් සමග මරණ 28%කින් වැඩිවෙලා ! – සංචරණය තවත් පාලනය කළ යුතුයයි විශේෂඥ වෛද්‍යවරු කියති

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.