ලබන 27 වනදායින් ආරම්භ වන සතිය තුළ පාසල් පැවැත්වීම පිළිබඳව අද (25) දිනයේදී පළාත් අධ්‍යාපන බලධාරින් සමග සාකච්ඡා කර තීරණයක් ගැනීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
පසුගිය සතිය තුළ සිදු වූ ක්‍රියාවලිය අවධානයට යොමුකර එය සමාලෝචනයට ලක් කිරීමෙන් පසු අධ්‍යාපන බලධාරීන් අද රැස්වී ලබන සතියේ වැඩපිළිවෙළ ප්‍රකාශයට පත් කිරීමටයි නියමිතව තිබේ.
පසුගිය සතියේ දී රටේ සියලුම ප්‍රධාන නරගවල පැවැත්වෙන පාසල් නොපැවැත්වීමටත් දරුවන් සඳහා දුරස්ථ අධ්‍යාපන ක්‍රියාවලිය පවත්වාගෙන යෑමටත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළේය. ඒ මතුවූ ඉන්ධන ගැටලුව හේතුවෙනි. එළඹෙන සතියේ මුල් දින කීපය තුළ ඉන්ධන ගැටලුව තවත් උග්‍රවනු ඇතැයි අනුමාන කරන පසුබිමක මෙම සාකච්ඡා පැවැත්වෙනු ඇත.
කෙසේ වෙතත් ප්‍රධාන නගර නොවන ප්‍රදේශවල පිහිටි පාසල් සම්බන්ධයෙන් සුදුසු පරිදි කටයුතු කිරීමට සියලු පළාත් අධ්‍යාපන නිලධාරින්ට අවසර ලබා දී තිබිණි.