මත්කුඩු ජාවාරමක ඔත්තුකරුවෙකුට තංගල්ලේ දී වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරු හමුදාවෙන් පළාවිත් සිටින සෙබළෙක් බව හෙළිවී තිබේ.
කොළඹට නුදුරු ප්‍රදේශයක පදිංචිකරුවෙක් වන ඔහු කොන්ත්‍රාත් ඝාතකයෙක් ලෙස කටයුතු කරන්නෙක් බව හෙළිවී ඇත.
අවස්ථා කිහිපයකදීම ඝාතන සහ වෙඩි තැබීම් සම්බන්ධයෙන් බන්ධනාගාරගතවද සිට ඇති ඔහු නැවතත් කොනත්‍රාත් ඝාතනවල නිරතව සිටින්නේ ඇප ලබා නිදහස් වීමෙන් අනතුරුවය.
ඔහුව ඇප තබා එළියට ගෙන ඇතැයි කියන්නේ මාකිලංගමුවේ සංජීව විසින් බව හෙළි වී තිබේ.
මේ තත්ත්වය තුළ ඔහුව මෙහෙයවන්නේ ගනේමුල්ලේ සංජීව විසින් බවට සැකයක්ද තිබේ.