අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලකුණු 102කින් පැරදුනත් ඒ පරාජය තුළත් බලාපොරොත්තු ඇති කරන සුබ ලකුණු තිබේ….

by editor
ඔක්තෝබර් 7, 2023 - Updated on ඔක්තෝබර් 8, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

අප ලකුණු 102කින් පරාදය.  ක්‍රිකට් ගැන දන්නා ඕනෑම එකකෙක් එක්දින තරගයක පන්දු ඕවර 50ක්  තුළ දී ලකුණු 428ක ඉලක්කයක් හඹා ගොස් ජයග්‍රහණය කරනු ඇතැයි සිතන්නේ නැත.

දකුණු අප්‍රිකානු පිතිකරුවන්ගේ අනුකම්පා විරහිත ප්‍රහාරය අවසානයේ දී  ඔවුන් ලෝක වාර්තා 02ක් තබා තිබිණි. ඒ ලෝක කුසලාන එක් දින තරගක කණ්ඩායමක් රැස් කරගත් වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කරගනිමිනි.

අනෙක් වාර්තාව ඒඩන් මැක්‍රම් පන්දු 48ක දී ලබා ගත් ශතකය ය. එයත් එක්දින ලෝක කුසලාන තරගාවලියක් තුළ වාර්තා කළ වේගවත්ම ශතකය ය.

ඩි කොක්, වැන් ඩර් ඩුසේන්, මැක්‍රම් ශතක ලබා ගත් ශතක සමරමින්….

කාසියේ වාසිය දිනා ශ්‍රී ලංකා නායක දසුන් ශානක පන්දු රැකීම තේරුවේය. ඒ තේරීම  ලෝක කුසලාන ඉතිහාසයේ පිතිකරණ වාර්තා   කණපිට හැර වීමට අවස්ථාවක් දකුණු අප්‍රිකානුවන්ට ලැබුණේය.

කඩුළු පහක් දැවී ලබා ගත් ලකුණු ගණන 428කි.  ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමකදී ලබා ගත් වැඩිම ලකුණු ගණන එයය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එමෙන්ම ඒඩන් මැක්‍රම්ගේ ගැහිලත් ලෝක වාර්තාවකි. ඔහු ලකුණු 100 ගත්තපෙන්දු 48ක දී ය. මුල් පෙළ ක්‍රීඩකයන් 3 දෙනෙක් ශතක ලබාගෙනය.    ක්වින්ටන් ඩි කොක් පන්දු 84ක දී ලකුණු 100කි. රසී වැන් ඩර් හුසේන් පන්දු 110ක දී ලකුණු 108කි. අපට ක්‍රිකට් බැලිල්ලත් එපා කරමින් පෝයට හෙවිසි ගහනවා සේ ගැසූ එඩන් මැක්‍රම් පන්දු 54ක දි ලකුණු 106කි. ප්‍රහාරක වේගය 208කි.

මේ තත්වය තුල  රටේ ක්‍රීඩා ලෝලීන් බහුතරය තරගය නැරඹුවේ ජයග්‍රහණය බලාපොරොත්තුවෙන් නොවේ. පිළිගත හැකි පරාජයක් අපේක්ෂාවෙනි.

මේ පරාජය තුළ ඒ අපේක්ෂාව යම් පමණක් සාධනය වූ බව විශ්වාස කරමි. වැදගත්ම දේ දසුන් අවුරුද්දකට ආසන්න කාලයකට පසු නැවත සිය සුපුරුදු රිද්මයට පැමිණීමය. එය සුබ ලකුණක් සේ ගත යුතුව තිබේ.

කුසල්… අතේ ඇති ජයග්‍රහණය ගැන දකුණු අප්‍රිකානුවන්ට දෙගිඩියාවක් ඇති කළ පිති හරඹය…

එමෙන්ම කුසල් මෙන්ඩිස් පෙන්නූ අසිරිමත් පිතිකරණය ය. එය එක් මොහොතක දකුණු අප්‍රිකානුවන්ගේ දත කට පූට්ටු කළ බව දුටුවෙමු. කුසල් ලකුණු 76ක් රැස් කළේ පන්දු 42ක් තුළය. එක් මොහොතක අපට හිතුනේ මැක්‍රම් තැබූ වේගවත් ශතකයේ වාර්තාව මේ ඉනිමේ කුසල් විසින් කඩනු ඇති බවය.

ඇත්තටම  ඔහු ගියේ ශතකයටත් එහා යන ස්ථිර ගමනක් බව හිතුනේ ඒ තරම් විශ්වාසනීය මනරම් පිතිකරණයක් පෙන්වූ බැවිනි. එය හයේ පහර වලින්ම වර්ණවත් ලකුනු 76කි. ඔහු හයේ පහර 08ක් එල්ල කරන විට හතරේ පහර එල්ල කළේ 4ක් පමණි.

චරිත් අසලංත…

එමෙන්ම අසලංකත් යළිත් තිරසාරව සිය රිද්මයට පැමිණීමට මේ තරගයෙන් අවස්ථාව සොයා ගත්තේය. ඔහු ලකුණු 79ක් පන්දු 83ක් තුළදී රැස් කළේ හතරේ පහර 08ක් සහ හයේ පහර 04ක් සමගිනි. ඉතාම සෙමෙන් ඉනිම ආරම්භ කළ අසලංක අවසානයේ දි සුපුරුදු ස්ථාවර රිද්මය අත් කර ගත්තේය.

දසුන් පන්දු 62ක දී ලකුණු 68ක් රැස් කළේය. 38 වැනි පන්දු ඕවරයේ දී ඔහු    4 පහර හතරක් සහ එක් හයේ පහරක් සමග  ලකුණු 23ක් රැස් කළේය. කාලෙකට පසු අපට පරණ දසුන් හමු විය.  ඒ ප්‍රහාරය එල්ල වූයේ   පන්දු යැවීමේ දී ගැඹුරු අණකට පිතිකරුවන් යටත් කරගෙන සිටි ජෙරල්ඩ් කොඑට්සිට ය.

කසුන් රාජිතත් ස්ථාවර පිතිකරණයක යෙදෙමින්  පන්දු 20ක දි ලකුණු 33ක් රැස් කළ තණතීරුවක  දුනිත් වෙල්ලාලගේ පළමු පන්දුවෙන් දැවී නොයන්නට, කුසල් ජනිත් පෙරේරා අවාසනාවන්ත ලෙස තමන්ගේ රිද්මයෙන් ගිලිහී නොයන්නට මීට වඩා බෙහෙවින් තියුණු තරගයක් අපේක්ෂා කළ හැකිව තිබිණි.

පැරදුනත් තරගය් සිදුවන හොඳම දේ ලෝක කුසලානය ආරම්භයේම දසුන් සුපුරුදු රිද්මය සොයා ගැනීමය…

එහෙත් “උන්න හැටියට මළා මදැ” කීවාක් මෙන් ඔය තරමින් හෝ පරාද වීම ලොකු දෙයකි. අපට දැන් හිතෙන්නේ එසේය.

පන්දු ඕවර 50ම  ක්‍රීඩා කළ හැකිව තිබුණා නම් අපටත් ලකුණු 400 සීමාවට කිට්ටු වන්නට ඉඩ තිබිණි. නමුත් පන්දු ඕවර 44.5 තුළ ලකුණු 326කට කණ්ඩායම දැවි ගියේය.

මේ ලෝක කුසලානය අමුතු එකක් බව දැන් පෙනෙන්නේය. අඩුම තරමින් ලකුණු 350කට වඩා රැස් කළ නොහැකි නම් ඒ තරගය ගැන කතා කර තේරුමක් නැත.

ලංකාවේ අපි  කෝටි දෙකක් නියෝනය කරන්නට 11 තෝරා එවා ඇත. අපේ රටේ තිබෙන්නේ වෘත්තීය ක්‍රිකට් ය.  ඒ නිසා දැන් ඥං පචං ගා තේරුමක් නැත.

යළිත් ස්වයං විවේචනයක් සහිත සමාලෝචනයක් කළ යුතුය.  ඒ අතරේ අපට පුලුවන් වගේ කෑල්ලකුත් පෙනෙන බව ලියා තබමි.

ගිය දේ ගියා මිත්‍රවරුනි. දැන් නැවත අපි බලාපොරොත්තු සහගත වෙමු.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජයග්‍රහණය අපහසු බව ඇත්ත… පිළිගන්න පුලුවන් තරගයක් දෙන්න… ඉතිහාසය වෙනස් කරමින් දකුණු අප්‍රිකාවෙන්

Next Post

ඉදිරි මාස කීපය තුළ අනුරාධපුරයේ  ක්‍රියාත්මක කළ යුත්තේ හිටපු පොහොට්ටුවන්ගේ  සංවර්ධන යෝජනා පමණයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.