“ගහනවා කියලා දැනගෙන හිටියා… ඒත් මෙහෙම ගහයි කියලා හිතුවෙ නෑ…”
සමහර විට ඔබට ඒ කතාව මතක ඇත. එහෙම කිව්වේ පාස්කු ප්‍රාහාරය සිදුවූ අවස්ථාවේ දී ඒ ගැන මාධ්‍ය විමසූ විට එවකට ආරක්ෂක ලේකම්ව සිටි හේමසිරි ප්‍රනාන්දුය.
මේ ගැහිල්ල මතක් වනවිට ඒ කතාව සිහි වුනේය.
“ගහනවා කියලා දැනගෙන හිටියා.. මෙහෙම ගහයි කියලා හිතුවෙ නෑ….” රංකිරි කටගාපු දා මතක්වන ගැහිල්ලකි.
කාසියේ වාසිය දිනා ශ්‍රී ලංකා නායක දසුන් ශානක පන්දු රැකීම තේරුවේය. ඒ තේරීම ලෝක කුසලාන ඉතිහාසයේ පිතිකරණ වාර්තා කණපිට හැර වීමට අවස්ථාවක් දකුණු අප්‍රිකානුවන්ට ලැබුණේය.
කඩුළු පහක් දැවී ලබා ගත් ලකුණු ගණන 428කි. ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමකදී ලබා ගත් වැඩිම ලකුණු ගණන එයය.
එමෙන්ම ඒඩන් මැක්‍රම්ගේ ගැහිලත් ලෝක වාර්තාවකි. ඔහු ලකුණු 100 ගත්තපෙන්දු 48ක දී ය. මුල් පෙළ ක්‍රීඩකයන් 3 දෙනෙක් ශතක ලබාගෙනය. නායක ක්වින්ටන් ඩි කොක් පන්දු 84ක දී ලකුණු 100කි. රසී වැන් ඩර් හුසේන් පන්දු 110ක දී ලකුණු 108කි. අපට ක්‍රිකට් බැලිල්ලත් එපා කරමින් පෝයට හෙවිසි ගහනවා සේ ගැසූ එඩන් මැක්‍රම් පන්දු 54ක දි ලකුණු 106කි. ප්‍රහාරක වේගය 208කි.
ඒ ගැහිල්ල දකින විට අපට හිතුනේ කසුන් රාජිත පොළොව බදාගෙන අඬන්නට ඔන්න මෙන්න කියා සිටනවා වගේය. මතීෂ පතිරණත් භ්‍රාන්ත වී ය. ප්‍රමෝද් මධුසංක විතරක් ඒ ගැහිල්ල ඉදිරිපිට කොන්ද කෙළින් තියාගෙන හිටියේ.
ඇත්තටම මට නම් ශ්‍රී ලංකා කණ්ඩායම ගැන සතුටුය. ඒ ලකුණු 500ට මෙහයින් ලකුණු නවත්වාගත හැකි වීම ගැනය.
ලියන්නට දෙයක් නැත. ගැහුවා.. ගැහුවා… ගැහුවා… ආයෙත් ගැහුවා…
දැන් කගීසො රබාඩා, ලුන්ගි න්ගිඩි, කේෂේව් මහරාජ් ඉදිරියේ ඇඹරෙනවා ද ජයග්‍රහණය කෙසේ වෙතත් නම්බු පිටින් පරාද වෙනවාද යන්න ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළ යුතුය.
එසේ නොවුනහොත් මේ තරගයේ තවත් වාර්තාවක් තැබීමට ශ්‍රී ලංකාවට සිදුවන්නේය.
ඒ ක්‍රිකට් ඉතිහාසයේ කුජීතම පරාජය සම්බන්ධව ඛේදනීය කතාවය.
කසුන් රාජිත පන්දු ඕවර 10ක් යැව්වේය. ලකුනු 90කි. එක් කඩුල්ලකි. දිල්ශාන් මධුශන්ක පන්දු ඕවර 10කි. ලකුණු 86කි. කඩුළු 02කි. දුනිත් වෙල්ලාලගේ පන්දු ඕවර 10කි. ලකුණු 81කි. කඩුල්ලකි. මතීෂ පතිරණ පන්දු ඕවර 10කි. ලකුණු 96කි. කඩුල්ලකි.
දසුන් ශානක පන්දු ඕවර 6ක් පමණක් යැව්වේය. කඩුළු නැත. ලකුණු 36කි. ධනංජය ද සිල්වා පන්දු ඕවර 4කි. ලකුණු 39කි. කඩුළු නැත.
පැතුම්, කුසල් ජනිත්, කුසල් මෙණ්ඩිස්, සධීර, චරිත් අසලංක, ධනංජයට විශාල වගකීමක් තිබේ. දිගටම ෆේල් වෙමින් කණ්ඩායමේ නායකත්වය දරමින් සිටින දසුන් ශානකට තමන්ගේ සුදුසුකම සනාථ කිරීමට අවස්ථාවක් උදා වී ඇති බව සිතමු.
අප ඉල්ලන්නේ එක් දෙයකි. පාරාජය බාර ගන්නම්. කුජීත නොවී බලන්න පුලුවන් මැච් එකක් දෙන්න.