ත්‍රී රෝද රථ රියදුරෙකුගේ උල් ආයුධ ප්‍රහාරයකට ලක් වි බරපතල තුවාල ලැබූ ලංගම මහනුවර උතුර ඩිපෝවේ රියදුරෙක් අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කර තිබේ.
මෙසේ ප්‍රහාරයට ලක් වී ඇත්තේ උපුල් අබේරත්න නැමැති රියදුරෙකි. බරපතල තත්ත්වයෙන් රෝහල්ගත කළ රියදුරාට මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව සැත්කමකට ලක් කර ඇතැයි. ලංකා ගමනා ගමන මණ්ඩලයේ මධ්‍යම පළාත් කළමනාකාර සනත් ප්‍රසන්න දෙල්අංග පැවසුවේය.
මෙම ප්‍රහාරය රියදුරාට එල්ල වි ඇත්තේ මහනුවර කැප්පෙටිපොළ ශාලාව ඉදිරිපිටදීය.
බස් රථය ගාල් කිරීම සඳහා ත්‍රිරෝ තරමක් ඉවතට ගන්නා ලෙස කළ කළ දැනුම් දීමත් සමග ඇතිවූ බහින්බස් වීමකින් අනතුරුව ත්‍රී රෝද රථ රියදුරු රථයේ තිබූ ඉස්කුරුප්පු නියනයක් ගෙනැවිත් රියදුරාගේ මුහුණ පසාවන සේ ඇණ තිබේ.
ඇසට යටින් එල්ල වූ නියන් පහර රියදුරාගේ මුඛයෙන් එළියට පැමිණ තිබෙද්දි වහාම ඔහුව රෝහල් ගත කිරීමට බස්රියේ කොන්දොස්තරවරයා කටයුතු කර ඇත.
මේ ප්‍රහාරයෙන් අනතුරුව ත්‍රී රෝද රථ රියදුරා ප්‍රදේශයෙන් පලා ගොස් තිබේ.
කටුගස්තොට වතුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන ඇති මෙම තැනැත්තාම අත් අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව මහනුවර පොලිසිය පවසයි.