රුසියාවේ බලවත් පුද්ගලයෙකු සමඟ සම්බන්ධකම් පැවැත්වීම හේතුවෙන් ඇමෙරිකාවේ රාජ්‍ය බුද්ධි කාර්යාංශය හෙවත් එෆ්.බී.අයි හි නිව්යෝර්ක් ක්ෂේත්‍ර කාර්යාලයේ හිටපු ප්‍රධානියකු වූ චාල්ස් මැක්ගොනිගල් ශ්‍රි ලංකාවේ සංචාරයක නිරතව සිට ආපසු ඇමෙරිකාවට ළඟා වනවිට අත්අඩංගුවට ගත් බව ඇමෙරිකාවේ නීතිය බලාත්මක කිරීමේ ආරංචි මාර්ග ‘ඒබීසී’ පුවත් සේවය වෙත පවසා තිබේ.
එක්සත් ජනපදය විසින් සම්බාධක පනවන ලද සහ එම සම්බාධක කඩ කිරීම සම්බන්ධයෙන් පසුගිය වසරේ සාපරාධී චෝදනා ලැබූ රුසියානු ප්‍රකෝටිපතියෙකු වන ඔලෙග් ඩෙරිපස්කා සමඟ සබඳතා පැවැත්වීමේ චෝදනා මත ඔහු අත්අඩංගුවට ගත් බව මාධ්‍ය වාර්තා කරයි.
මැක්ගොනියල් 2018 දී එෆ්බිඅයි සේවයෙන් විශ්‍රාම ගත්තේය. පසුගිය සෙනසුරාදා සවස ඔහු ශ්‍රීලංකාවේ සංචාරයකින් පසුව ජොන් එෆ් කෙනඩි ගුවන්තොටුපළට පැමිණි අතර එහිදී ඔහු අත්අඩංගුවට පත් වී තිබේ.
සඳුදා මෑන්හැටන් හිදී අධිකරණය වෙත යොමු කළ ඔහු මුද්‍රා කැඩූ චෝදනා පත්‍රයට ඔහු නිවැරදිකරු ලෙසින් ප්‍රකාශ කළේය.
විනිසුරුවරයා ඩොලර් 500000 ක පුද්ගලික පිළිගැනීමේ බැඳුම්කරයක් සහ ඔහුගේ ගමන් සීමා කිරීම් සහ නඩුවට සම්බන්ධ ඕනෑම අයෙකු සම්බන්ධ කර ගැනීම තහනම් කිරීම මත ඔහු නිදහස් කිරීමට නියෝග කළේය.







