මේ මොහොතේ ලංකාවේ සංචාරය කිරීම අත් නොහරිනැයි මහනුවර නගරයේ ආසන්නයේ ඇති සියලුම හෝටල්වල කළමනාකාරිත්වය හා සේවකයින් ඇතුළු 700කට අධික පිරිසක් මහනුවර ස්විස් හෝටලය අසලින් නුවර වැව රවුම වටා එක් වී ලෝ වටා සිටින සංචාරකයින්ගෙන් ඉල්ලා සිටිති.
අද උදෑසන 10ට රට වෙනුවෙන් ලෝකයට ආයාචනා කරන මෙම ප්‍රකාශන ව්‍යාපාරය ආරම්භ විය.
ඔවුන් ඉල්ලා සිටින්නේ ලංකාවට පැමිණෙන ලෙස තමන් කරන ඉල්ලීමේ පණිවිඩය සමස්ථ ලෝක ප්‍රජාව වෙත ලබා දෙන ලෙසය.
ශ්‍රී ලංකාවේ දේශපාලන හා ආර්ථික තත්ත්වයන් කුමන මට්ටමක පැවතියද මේ මොහොතවන තෙක් සියලුම හෝටල් විදේශිකයන් සඳහා සියලු පහසුකම් සහිතව ඉතා ආරක්ෂිතව විවෘත කර ඇති බවත් මෙතෙක් පැවති සහනදායි ක්‍රමය යටතේම භෝජන නවාතැන් පහසුකම් සහ සෙසු සියලුම සේවාවන් ඔවුන්ට සැපයෙන බවත් සියලුම හෝටල් කළමනාකාරිත්වය ජාත්‍යන්තරයට දන්වති.
“ලංකාවට එන්න…. නුවර එන්න“ ඔවුන්ගේ තේමා පාඨයයි.