මැයි 09 අපරාධයේ චූදිතයෙක් ලෙස නම් කර ඇති හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්සටන් ප්‍රනාන්දු තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
පෙත්සම්කාර ජොන්සටන් ප්‍රනාන්දු සිය පෙත්සමින් පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් වග උත්තරකරුවන් ලෙස නම් කරමින් අභියාචනාධිකරණයට දක්වා ඇත්තේ නීතිපති උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන් සැකකරුවකු වශයෙන් නම් කොට අත්අඩංගුවට ගැනීමට සූදානම්වීම නීතියට පටහැනි බවය.
එබැවින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස හිටපු අමාත්‍ය හා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු අභියාචනාධිකරණයට මෙම පෙත්සම ඉදිරිපත් කර ඉල්ලා තිබේ
ගාලුමුවදොර සාමකාමී මහජන අරගලයට පහරදීමේ සිදුවීමට අදාළව ඔහු සැකකරුවෙකු ලෙස පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නම් කර තිබිණි.
මැයි 09 වැනිදා දහස් ගණනක් අරලියගහ මන්දිරයට ගෙන්වා ඔවුන්ගේ හැඟීම්වලට ආමන්ත්‍රණය කර ආවේග ගන්වා මැයි 09 අපරාධයට පෙළඹවූ ආකාරය පිළිබඳ තොරතුරු එදින සජීවීව විකාශය විය.