ජාත්‍යාන්තර වශයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත රතු වරෙන්තු ලබා සිටි බ්‍රසීල ජාතික තරුණියක් අද ( 09) කටුනායක ගුවන්තොටුපලේ දී අත්අඩංගුවට ගෙන ඇති බව ගුවන්තොටුපල ආරංචි මාර්ග සඳහන් කරයි
23 හැවිරි ඇය බ්‍රසීල රජය මගින් අත්අඩංගුවට ගැනීමට සූදානම් වීමෙන් පසු තායිලන්තය වෙත පලාගොස් ඇති බවත්, අනතුරුව තායිලන්තයේ සිටි සිංගප්පූරුව හරහා මෙරටට පැමිණ ඇත්තේ මෙහි දිගු කාලයක් රැඳී සිටීමට බවත් හෙළි වී තිබේ.
අත්අඩංගුවට ගත් තරුණිය ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් යළිත් බ්‍රසීලයට පිටුවහල් කිරීමට කටයුතු කර ඇත.