අයවැය ප්‍රතිපාදන මත සෑම ගමකම ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය වෙනුවෙන් රජය වෙන් කරන ලද මුදල් නිකරුණේ වැය නොකළ යුතු බවත් ඒවා ඉතා සැලසුම් සහගතව අදාළ අදාළ පුද්ගලයන් වෙත මුදල් ලැබෙන පරිදි ප්‍රායෝගිකව කළ හැකි ඵලදායි යෝජනා ඉදිරිපත් කරන ලෙසත් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හමුවේ ප්‍රකාශ කළේය.
පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා කමිටු ශාලා අංකයක යෙදී පැවති රැස්වීම ඇමතු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා එහිදී අවධාරණය කළේ මෙම මුදල් නිසි ලෙස ජනතාව වෙත බෙදී යාමට සෑම ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති වරයෙකුගේම වගකීමක් බව ය.
මෙම ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිවරුන් දැන් මන්ත්‍රීවරුන් වන බැවින් මෙම මුදල් ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය වන ව්‍යාපෘති පිළිබඳ වෙන යෝජනා ලෙස විමසා බලා එහි ප්‍රායෝගික කිරීමේ හැකියාව පිළිබඳව නිසි තක්සේරුවක් සිදු කළ යුතු බවද පෙන්වා දුන්නේය.
ඇතැම් ජීවනෝපාය සංවර්ධනය වෙනුවෙන් මීට පෙර රජයන්වලින් ලබාදුන් මූල්‍ය ප්‍රතිපාදන සැලසුමක් නැති අර්ථ විරහිත කටයුතු සම්බන්ධයෙන් වැය කිරීම හේතුවෙන් එම වැය කළ මුදල නිසි ප්‍රතිලාභ ලබා ගැනීමට හැකිව නැති බැවින් එම මුදල් ඉතා ප්‍රවේශම් සහගතව ප්‍රතිලාභ ලැබෙන මට්ටමින් ජනතාව අතර බෙදා දිය යුතු බව පෙන්වා දුන් අතර එහිදී විවිධ ජනතා ජනතාව තුලින් නැගෙන අදහස් සැලකිල්ලට ගන්නා ලෙස ඔහු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය.
මෙම අවස්ථාවට සහභාගි වූ මන්ත්‍රීවරුන්ද විවිධ යෝජනා අදහස් ද ඊට එකතු කරගන්නා ලදී.