පොලිස්පතිවරයා සහ මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති රියර් අද්මිරාල් සරත් වීරසේකර අතර අභ්‍යන්තර ගැටුම උග්‍ර වී ඇතැයි විශේෂ ආරංචි මාර්ග ලංකාසරට හෙළි කරයි.
මේ වනවිට පොලිසියි භාර අමාත්‍යවරයා ඉලක්ක කරගෙන දියත් වී ඇති සමහර විවේචනාත්මක ව්‍යාපෘති පසුපස පොලිසියේ ඉහළම නිලධාරීන් පිරිසක් සිටින බවත්, මේ විරසකයට මූලික හේතුව පොලිසියේ සුදුපුතා සහ කළුපුතා ලෙස නම් කළ නිලධාරීන් දෙදෙනා ඇමතිවරයා මැදිහත්ව බල රහිත කිරීම බවත් එම ආරංචි මාර්ග පවසයි.
එමෙන්ම බන්ධනාගාරයට ගිනි අවියක් රැගෙන බීමතින් ගොස් රැඳවියන්ට තර්ජනය කළ අවස්ථාවේ දී බන්ධනාගාර රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා සිදුකරන ලෙස පොලිස්පතිවරයාට ඇමතිවරයා උපදෙස් දුන්නද එය නොසලකා හැරීම නිසා සමාජය ඉදිරියේ ඇමතිවරයා අපහසුතාවයට ලක් වී තිබිණි.
මෙම නිලධාරීන් මාර්ගයෙන් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමුවන සමහර ලේඛණ මාධ්‍ය වෙත යැවෙන බව ද මේ හේතුවෙන් අමාත්‍යාංශයේ කටයුතු විධිමත් කරගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් දියත් කිරීමට සැලසුම් කර ඇති බවද වාර්තා වේ.