සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“මන්ත්‍රි කෙනෙක් ලිපියක් එව්වාම ලැබුණු බවවත් දන්වන්න” – රෝහිණී කවිරත්නගෙන් කෘෂිකර්ම ලේකම්ට සැර ලිපියක්

by Lanka Sara Editor
සැප්තැම්බර් 26, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කෘෂි රසායනික දුව්‍ය ගෙන්වීම සඳහා තරගකාරී වෙළෙඳපොල පරිසරයක් නිර්මාණය නොකිරීම සහ හිතුමතේ කාබනික පොහොර චිනයෙන් ආනයනය කිරීම පිළිබඳව තමන් විසින් මුල් ලිපියකින් පෙන්වා දුන් කරුණු සම්බන්යෙධන් යළි වහා අවධානය යොමු කරවන ලෙස සිහි කැඳවමින් මාතලේ දිස්ත්‍රික් සමිග ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිණී කවිරත්න   කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් උදිත් කේ. ජයසිංහ වෙත ලිපියක් යවා තිබේ.

කාබනික කෘෂිකර්මාන්ත යනු පස්සා දොරෙන් ගජමිතුරන් හරහා පොහොර හා කෘෂි රසායන අලෙවි ඒකාධිකාරයක් ගොඩ නැගීම නොවුවද අවසනාවකට අද කෘෂිකර්ම අමාත්‍යාංශය තුළ සිදුවන්නේ සඟවා ඇති කෘෂි රසායන කළු කඩ හරහා වැඩි මිලට විකිණීම සඳහා පරිසරය ගොඩ නැගීමක් පමණක් බවත් එම ලිපියෙන් පෙන්වා දෙන ඇය මහ කන්නයේ වගා කටයුතු ආරම්භ වී ඇති බැවින් කඩිනමින් මෙම ගැටලු විසඳන ලෙස ඇය මෙම ලිපියෙන් සිහි කැඳවා ඇත.

කවිරත්න මන්ත්‍රීවරිය විසින් යවන ලද සම්පූර්ණ ලිපිය මෙසේය.

පළමු සිහි කැඳවීම

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා,
ලේකම්, කෘෂිකර්ම අමාත්‍යාංශය,
බත්තරමුල්ල.

කාෂිකර්ම ලේකම්තුමනි,

මහ කන්නය සඳහා අවශ්‍ය කෘෂි රසායන (කෘමි, දිලීර හා වල් නාශක) ලබාදීම සම්බන්ධයෙනි

උක්ත කරුණ සම්බන්ධයෙන් මාගේ 2021.09.12 දිනැති ලිපිය සම්බන්ධයෙනි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අමාත්‍යාංශ ලේකම්වරයෙකු ලෙස ලිපියක් යොමු කළ විට එයට ලැබුණ බව දැන්වීමටවත්, සතුටුදායක පිළිතුරක් එවීමට තරම් හෝ සදාචාරයක් ඔබ විසින් දක්වා නැත. රටේ ජනගහනයෙන් 30% කගේ අදායම් මාර්ගය සම්බන්ධයෙන් කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් පමණක් නොව, අමාත්‍යාංශ පරිපාලනයේ ඔබගේ වෘත්තීය භාවයකින් තොර, අත්දැකීම් රහිත බව ඔබ විසින්ම ලෝකයට හෙළිදරව් කරමින් සිටී.

නැගෙනහිර පළාතේ වගා බිම් සුද්ධ කරමින් මහ කන්නය ආරම්භවී ඇත. වගාව සඳහා අත්‍යවශ්‍ය කෘෂි රසායන ගොවියාට ලබාදීමට ගැන කිසිදු පියවරක් කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ දක්වා ප්‍රකාශයට පත් කර නැත.

ගොවිතැන සිදු කරන්නේ මහ පොළොවේ මිස පන්ති කාමර, වායුසමනය කළ කාමර වල නොවේ. කෘෂිකර්ම අමාත්‍යාංශයේ වගකීම ගොවියාගේ ප්‍රශ්න විසඳීම සඳහා පියවර ගැනීම මිස චීන කක්කුස්සි ටෙන්ඩර් පසුපස දිවීම නොවේ.

මේ රටේ ආදායම් උපයන්නන්ගෙන් 30% ක් මුහුණ දී සිටින ප්‍රශ්නය මහ කන්නයට කෘෂි රසායන සපයන්නේ ද? නැතිද? යන්නය. ඔබ කාබනික ලේබලය ගැසූ චීන අසූචි මෙරට ගෙන්වීම සම්බන්ධයෙන් දක්වන උනන්දුව රටටම කෘෂි රසායන සැපයීම/තහනම් කිරීම සම්බන්ධයෙන් ඔබ දක්වන්නේ නැත.

මාගේ ලිපියේ සවිත්තරව දැක්වූ කරුණු කෙටියෙන් මෙසේය.
1.
මහ කන්නයේ කුඹුරු සහ හේන් ගොවිතැන වල් නාශක අත්‍යවශ්‍ය ය. බහුදින ධීවර යාත්‍රා මගින් ඉන්දියාවේ සිට රැගෙන එන නීති විරෝධී වල් නාශක මන්නාර, දකුණ හා නැගෙනහිර මුහුදු කලාපයෙන් රටට ඇතුළු වේ. මේ දක්වා අමාත්‍යාංශය පියවර ගෙන නැත.

2. බීජ සඳහා යොදන රසායනික ද්‍රව්‍ය නොමැතිකම නිසා බීජ වර්ග (ඉරිගු, මුං, තල, උඳු, කොල්ලු, මෙනේරි) ගොවි නිවෙස්වල විනාශවෙමින් ඇත. අනුරාධපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල වී වගාව පිදුරු බවට පත්ව ගොවීන් කුඹුරු ගිණි තබන්නේ කෘමි හානි නිසාය. මේ දක්වා අමාත්‍යාංශය පියවර ගෙන නැත.

3. දිලීර නාශක නොමැතිවීම නිසා නිරිතදිග මෝසම් සමයේ නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවල තේ දළු අස්වැන්න පහත වැටී ඇත. වැසි සමයේ දින 4-5 ක අඛණ්ඩ වැස්සකට, මීදුම හා තෙතමනය අධික කාලගුණයක දිලීර මර්ධනයට ‘දිලීර නාශක‘ අතශ්‍යවශ්‍ය වේ. අමාත්‍යාංශය කිසිදු පියවරක් ගෙන නැත.

4. කෙටි කාලීන වී වර්ග සිටවීම හෝ වැපිරීමෙන් පළමු දින 3 සිට සති 4 දක්වා වල් මර්ධනය අනිවාර්ය වේ. අමාත්‍යාංශය කිසිදු පියවරක් ගෙන හෝ ප්‍රකාශයක් සිදු කර නැත.

5. දැන් දෙවන වරට ද චීන කක්කුස්සි පොහොර සාම්පලය දිලීර, බැක්ටිරියා ඇති බවට තහවුරු කර ඇත. ඔබ සොයමින් සිටින්නේ මේ වාර්තාව ප්‍රසිද්ධ වූ ආකාරය ගැන මිස, ලංකාවේ ගහ, කොළ, සතා සිව්පාවාට මෙමගින් ඇති වන හානිය ගැන නොවේ.

කෘෂි රසායන නොමැතිව වානිජ්‍ය කෘෂිකර්මාන්තය සිදු කළ නොහැකි බව කෘෂි විද්‍යා පිඨයක මහාචාර්යවරයෙකුවන ඔබට නැවත සිහි ගැන්වීමට සිදුවීම ලැජ්ජාවට කරුණකි.

බැක්ටීරියා, දිලීර පිරුණු ලංකා නීතිය අනුව කිසි ලෙසකින් හෝ අනුමැතිය ලබා දිය නොහැකි චීන අසුචි කාබනික පොහොර ආයනයන තරමටම විනාශයක්, කෘෂි රසායන නොමැතිවීම මහ කන්නයට ඇරඹීම තුලින් සිදුවේ. එය වැලැක්වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය මේ දක්වා කිසිදු පියවරක් ගෙන නැත.

තනි සමාගම් ඒකාධිකාරය

1977 විවෘත ආර්ථිකය කාබාසිනියා කරමින්, කෘෂි රසායන ආනයන ඒකාධිකාරය තනි සමාගමකට පැවරීමට ඔබ මුලිකත්වය ගෙන ඇත. ‘බෝට්ටු කෘෂි රසායන‘ සහ ‘කළු කඩ වස වෙළෙඳාම‘ සාගතය ප්‍රවර්ධනය කරන බව සිහි බුද්ධිය ඇති ඕනෑම පරිපාලකයෙකුට තේරිය යුතුය.
1.
මෙවර කන්නට කෘෂි රසායන ආනයනය සිදු නෙකරන්නේ නම් ඒ බව රටට නිවේදනය කිරීම කෘෂිකර්ම අමාත්‍යාංශයේ වගකීමකි. එම වගකීම අමාත්‍යාංශ ලේකම් ලෙස ඔබ වෙත පැවරී ඇත.

2. මෙරට කෘෂි රසායන ආයනයනයෙන් 60% වල් නාශක වේ. වල් නාශක ආයනයන සම්පූර්ණයෙන්ම තහනම් කරන්නේ නම්, සත්ව ආහාර (බඩ ඉරිඟු) ඇතුළු සියලු දේ ආනයනය කිරීමට සිදුවේ. සත්ව ආහාරය ද කාබනික විය යුතුය යන්න කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිය නම් එය නොපමාව නිවේදනය කිරීම ඔබගේ වගකීමකි. තවද, මෙහි ප්‍රතිඑලයක් ලෙස බඩ ඉරිඟු ආනයනයට රජය සුදානම් වේ. දේශීය බඩ ඉරිඟු වගාව විනාශ කර, ගොවියා විනාශ කර ලෝකයේ වෙනත් රටවලට ලංකාවේ බඩ ඉරිඟු වෙළෙඳපොල මේ වන විටත් නිර්මාණය කර දී ඇත්තේ ඔබගේ ප්‍රතිපත්තිය යි.

3. දිලීර හා කෘමි නාශක ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා බෙදා හැරීමට යෝජනා කර ඇත. රටේ කෘෂි රසායන භාවිතය තහනම් කිරීමට අමාත්‍යාංශය තීරණය කර ඇති නම් ඒ සඳහා වන කාල සටහන ඔබ විසින් ප්‍රකාශය පත් කළ යුතුය. පෞද්ගලික අංශය සතු වී, හාල්, සීනි පැහැරගත් ලෙස කෘෂි රසායන ටික පැහැර ගැනීමට පියවර නොගත යුතුය.
4. කෘෂිකර්ම අමාත්‍යාංශය ජාතික ප්‍රශ්න මඟ හරිමින් කටයුතු කිරීම තුල ආහාර දුරක්ෂිතතාව දැවැන්ත අනතුරක හෙළා ඇත.

5. කාබනික කෘෂිකර්මාන්ත යනු පස්සා දොරෙන් ගජමිතුරන් හරහා පොහොර හා කෘෂි රසායන අලෙවි ඒකාධිකාරයක් ගොඩ නැගීම නොවේ. අවසනාවකට අද කෘෂිකර්ම අමාත්‍යාංශය තුල සිදුවන්නේ රට තුල සඟවා ඇති කෘෂි රසායන කළු කඩ හරහා වැඩි මිලට විකිණීම සඳහා පරිසරය ගොඩ නැගීමය.

මහ කන්නය සඳහා විවෘත හා තරඟකාරී පදනමකින් ප්‍රමිතියකින් යුතු දිලීර, වල් හා කෘමි නාශක ආනයනය, බෙදාහැරීම හා අලෙවියට අවස්ථාව සලසන ලෙස නැවත ඉල්ලමි. කෘෂිකර්ම ලේකම්වරයාගේ වගකීම ජාවාරම්කරුවන්ට යටිතල පහසුකම් සැලසීම නොව, රටේ අහාර සුරක්ෂිතභාවය තහවුරු කිරිම බව ද කනගාටුවේ වුවත් නැවත සිහිකරමි.

මෙයට,

රෝහිණී කවිරත්න
මාතලේ දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රීණී
දුරකතනය – 0773415003

cc –
1. ගරු කෘෂිකර්ම රාජ්‍ය ආමත්‍යතුමා
2. කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෙළිදෙළින් නිරෝධායන වන රුසියානු ජනපති පුටින්

Next Post

ඔස්ට්‍රේලියාවේ භූ කම්පනය ශ්‍රීනාත් මද්දුමගේ අත්දැකපු හැටි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.