සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඔස්ට්‍රේලියාවේ භූ කම්පනය ශ්‍රීනාත් මද්දුමගේ අත්දැකපු හැටි…

by editor
සැප්තැම්බර් 26, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේ ගොඩනැගිලිවලට හානි සිදුකරමින් පසුගිය 22 වැනිදා රික්ටර් මාපක 5.8ක ප්‍රබලත්වයකින් යුතු භූ කම්පනයක් ඇති වුණේය.  ඒ එරට වෙලාවෙන්  උදෑසන 9.15ට ය. මේ භූ කම්පනය අපි කලක සිට ආදරය කරන ආදරණීය කලාකරුවෙකුටත් දැනුනේය. ලංකාව අත්හැර ඔස්ට්‍රේලියාවේ පදිංචියට ගොස් සිටින ඔහු ජනාදරයට පත් වේදිකා, සිනමා හා ටෙලි නාට්‍ය නළු ශ්‍රීනාත් මද්දුමගේය.

කාලෙකට පසු ඔහු සමග කතා කරන්නට නිමිති වූයේ කලාව සම්බනධ ප්‍රස්තුතයක් නොවේ.  භූමි කම්පාවක් ගැනය. ශ්‍රීනාත් සමග භූමි කම්පාවක් ගැන කතා කළත් මිහිරිය. ඔහු ඒ අත්දැකීම අපට විස්තර කළේ මෙසේය.

ශ්‍රීනාත් මද්දුමගේ

“මම එදා උදේ මම රැකියාව කරන “පීටර් මැක්” පිළිකා රෝහල වෙත පැමිණ සිටියා. මගේ බිරිඳ මට දුරකතන ඇමතුමක් ලබා දීලා භූමිකම්පාවක් වෙනවා, ගෙයි බඩු මුට්ටු, මගේ පොත් රාක්කෙ පොත් බොහෝ ප්‍රමාණයක් බිමට වැටුනා කියලා කිව්වා. මම වැඩ ඇරිලා ගෙදර ඇවිත් භූමිකම්පාවෙන් වැඩි බලපෑමක් සිදු වූ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේ චැපල් ලේන් එක ළඟට ගිහින් බැලුවා. චැපල් ලේන් එකේ දෙපැත්තේ ගොඩනැඟිලිවල කොටස් පාර දෙපැත්තේ වැටිලා තිබුණා.

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් ප්‍රදේශය මූලික කරගෙන මේ තරම් ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පාවක් සිදු වූ දෙවැනි අවස්ථාව මෙයයි. භූමිකම්පාවෙන් රටේ දෙවන විශාලතම නගරයේ ගොඩනැගිලිවලට යම් හානියක් සිද්ධ වුණා. නමුත් කොවිඩ් වසංගතයට රට ලොක්ඩවුන් කරලා තියෙන නිසා සිදු වූ මිනිස් හා දේපළ හානිය ඉතා ම අඩුයි. චැපල් ලේන් එක සාමාන්‍ය දවස්වලට වාහන හා ජනතාවගෙන් පිරිලා තියෙනවා. නමුත් මේ භූමිකම්පාව සිදු වන වෙලාවේ සෙනග ඉඳලා නැත්තේ ලොක්ඩවුන් එක නිසයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

earthquake
සුන්බුන් විසිරී තිබූ අයුරු

අසල්වැසි ප්‍රාන්තවලටත් මේ කම්පනය දැනිලා තිබුණා. භූමිකම්පාවේ කේන්ද්‍රස්ථානය මෙල්බන් නගරයට ඊසාන දෙසින් කිලෝ මීටර් දෙසීයක් ඈතින් පිහිටි වික්ටෝරියා ප්‍රාන්තයේ “මෙන්ස්ෆිල්ඩ්” (Mansfild) නමැති ග්‍රාමීය නගර ප්‍රදේශය යි. බටහිර දෙසින් කිලෝ මීටර් 800ක් ඈතින් පිහිටි ඇඩිලේඩ් නගරයටත්, කිලෝමීටර් 900ක් ඈතින් පිහිටි නිව් සවුත් වේල්ස් නගරයටත් මෙම භූමිකම්පනය දැනිලා තිබුණා. අපි ජීවත් වෙන්නේ මෙල්බන් නගරයේ ඉඳලා කිලෝමීටර් තිස් හයක් විතර දුරින් පිහිටි ‘එපින්’ කියන ප්‍රදේශයේ යි. අපි ජීවත්වන ප්‍රදේශයටත් මේ භූමිකම්පාව සාමාන්‍ය ලෙස දැනිලා තිබුණා. මෙල්බන් නගරයේ වගේ ම එයින් පිටත දැඩි හානි කිසිවක් වගේම තුවාලකරුවන් ගැනත් වාර්තා වෙලා තිබුණෙ නැහැ. අපි මෙල්බන්වලට ඇවිල්ලා වසර දාසයක් වෙනවා. ඒත් මෙහෙම අත්දැකීමකට මුහුණ දුන්නේ පලවෙනි වතාවට යි.

ඔස්ට්‍රේලියාවේ වෙසෙන මිලියන 25ක ජනගහනයෙන් හරි අඩකට (7759274) වැඩි ප්‍රමාණයක් ජීවත් වන්නේ ඇඩිලේඩ් සිට, මෙල්බන් සහ සිඩ්නි දක්වා වන රටේ ගිණිකොන මායිමේ යි. එම ප්‍රදේශය ඔස්ට්‍රේලියාව- ඉන්දු ඕස්ට්‍රේලියා ටොනික් භූකම්පන තලය මැද පිහිටලා තියෙනවා. මේ නිසා මෙම කලාපයට භූමිකම්පාව අසාමාන්‍ය කාරණාවක් නෙවෙයි.

earthquake
භූ කම්පනයෙන් පසු…

මීට පෙර මෙම ප්‍රදේශය ආශ්‍රිත ව භූමිකම්පාවක් සිදුවී තිබෙන්නේ 1989 දී නිව් කාසල් ප්‍රදේශය ආශ්‍රිතව යි. එහි ප්‍රබලත්වය රික්ටර් මාපක 5.6 හැටියට සටහන් වෙලා තියෙනවා. එදා දහතුන් දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා.”

කතා කළේ – තුෂාරී කළුබෝවිල

Tags: නවතම
Share69Tweet43
Previous Post

“මන්ත්‍රි කෙනෙක් ලිපියක් එව්වාම ලැබුණු බවවත් දන්වන්න” – රෝහිණී කවිරත්නගෙන් කෘෂිකර්ම ලේකම්ට සැර ලිපියක්

Next Post

සමුද්‍රයේ ඇවිදින මං තීරු හදන්න අලි වැට ගැලවීමට එරෙහිව ගම්මු වීදි බසිති  …

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.