රෝහල්වල රෝගීන්‌ගේ ආසාදිත අපද්‍රව්‍ය ඉවත් කිරීමට අදාල සමාගමට මේ ගෙවන ලද මුදල ප්‍රමාණවත් නොවීම නිසා එම මුදල වැඩිකර දෙන මෙන් අදාළ සමාගම කළ ඉල්ලීමට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිසි ප්‍රතිචාරයන් නොලැබීම හේතුවෙන් රෝහල්වල අපද්‍රව්‍ය බැහැර නොකර ඇති බව වාර්තාවේ.
අසාදිත අපද්‍රව්‍ය කිලෝවක් සදහා රුපියල් 100ක් වැනි මුදලක් නියම කරන ලද්දේ වසර 2017දී වන අතර මේ වන විට ඩීසල් ,විදුලිය ජලය ආදී සියලුම යෙදුම්වල මිල ඉහළ ගොස් ඇති පසුබිමක ඉහත සදහන් මුදලට ආසාදිත අපද්‍රව්‍ය බැහැර කළ නොහැකි බව අදාල සමාගම සෞඛ්‍ය අමාත්‍යංශයට දන්වා ඇත.
අපද්‍රව්‍ය නීසි ලෙස බැහැර ,නොකිරීම නිසා පරපෝෂිත ආසාදන, පෙනහළු ආසාදන, බැක්ටීරියා මෙනින්ජයිටීස් , ඒච්අයිවී ආසාදන, හෙපටයිටීස් වැනි රෝග තත්ත්වයන් ඉහළ යා හැකි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.