සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රෝගීන් පරීක්ෂා කිරීමටත් නොහැකි සේ උණ රෝගී දරුවන්ගෙන් ළමා රෝහල පිරෙයි… එක ඇඳේ දරුවන් තුනක්… 

වෛද්‍යවරු සහ හෙද කාර්යමණ්ඩලයෙන් පිරිසක් රට හැර ගිහින් නිසා ප්‍රතිකාර කටයුතු සංකීර්ණ වෙයි…

by editor
මැයි 18, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                                     

මේ දිනවල පවතින වෛරස් උණ රෝග හේතුවෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ වාට්ටු පිරීගොස් ඇතැයි රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සන්තුෂ් සේනාපති  සඳහන් කරයි.

ඩෙංගු , ඉන්ප්ලුවන්සා , ඉන්ප්ලුවන්සා නොවන වෛරස් රෝගයන් සහ කොවිඩ් යැයි සැක කළ හැකි  රෝගීන්ගෙන් වාට්ටු ඇඳන් සියයට 90ක්ම මේ වන විට පිරී ගොස් ඇතැයි ද එක් ඇදක රෝගී දරුවන් දෙන්නෙක්  තුන්දෙවෙන් පමණ  ප්‍රතිකාර ලබමින් සිටින බවද  නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පැවසුවේය.

ඩෙංගු වැලදුණු දරුවන් 30ක් පමණ මේ වන විට රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඩෙංගු රක්තපාත තත්ත්වයට පත්වූ දරුවන් 7 දෙනෙකු දැඩිසත්කාර එකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවද හෙතෙම පැවසුවේ.

රෝගී දරුවන් සමඟ මව හෝ භාරකරුවෙකු රැදී සිටින බැවින් වෛද්‍යවරයාට රෝගී දරුවන්ව පරික්ෂා කිරිමට යාමට නොහැකි ලෙස  පවතින ඉඩකඩ ඇහිරී ගොස් ඇතැයි ද පැවසේ.

ඩෙංගු රක්තපාත රෝගී දරුවෙකු සිටින්නේ නම් හා තදින්  ඉන්ප්ලුවන්සාව රෝග ලක්ෂණ පෙන්නුම් කරන දරුවෙකු සිටින්නේ නම් එවැනි දරුවන්ට   වැඩි අවදානයක් යොමු කිරිම අත්‍යවශ්‍ය කරුණක් වුවද  සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට එවැනි දරුවන් සඳහා වැඩි කාලයක් වෙන් කිරිමට නොහැකි වුවහොත් එම දරුවන් කම්පන තත්ත්වයට හෝ නියුමෝනියා තත්ත්වයට පත්වීමේ අවදානමක් ඇතැයිද වෛද්‍ය සන්තුෂ් පෙන්වාදේ.
දරුවන් කීපදෙනෙකු  එකම ඇඳක ප්‍රතිකාර ලබන විට දරුවන්ට පවතින වෛරස් රෝගයට අමතරව වෙනත් රෝගයන් බෝවිය හැකි බව යැයිද විශේෂයෙන් පාචනය වැනි රෝග බෝවීමට පවතින ඉඩකඩ අදික යැයිද හෙතෙම පෙන්වාදේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

රෝගීන් ප්‍රමාණයනය වැඩි වුවද රෝහල් කාර්ය මණ්ඩලය ක්‍රමයෙන් අඩුවීම හේතුවෙන් රෝගී දරුවන්ට යොමු විය යුතු අවදානය ඇතැම් විට  නිසිලෙස යොමු නොවන අවස්ථාවන්ද තිබෙන බව වෛද්‍ය සන්තුෂ් පවසයි.

මේ වසරේ ගතවූ මාස කීපය තුළ රෝහලේ හෙද නිලධාරීනියන් 70ක් පමණද වෛද්‍යවරුන් හා විශේෂඥ වෛද්‍යවරුන් 40ක් පමණද විදේශ ගතවීම් හා සේවයෙන් විශ්‍රාම යාම හේතුවෙන් රෝගීනට යොමුකළ යුතු අවධානය යොමු නොවීමට ප්‍රධාන හේතුවක් වී ඇතැයිද හෙතෙම පෙන්වදේ.

එසේම කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින්ද මෙසේ විශ්‍රාම යාම හා පුරප්පාඩු පිරවීමට කටයුතු නොකිරීමට හේතුවෙන් රෝහලේ සනීපාරක්ෂක කටයුතු නිසිලෙස කරගෙන යාමට නොහැකි තත්ත්වක් උදා වීම බරපතල තත්ත්වයක් යැයිද පැවසේ. 

කෙසේ නමුත් මෙම රෝගී තත්ත්වය හැකි පමණ පාලනය කර ගැනීමට කොවිඩ් කාලය තුළ අප අනුගමනය කළ සෞඛ්‍ය පුරුදු වලට  හැකි ඉක්මනින් යොමු වන්නැයිද දරුවන් උණ, කැස්ස සහ  සෙම්ප්‍රතිශ්‍යාව පවතින්නේ නම් පාසල් වෙත නොයවන්නැයිද නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සියලුම දෙමාපියන්ගෙන් විශේෂ ඉල්ලිමක් කරයි.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බාලවයස්කාර දරු දැරියන්ව රැසක් ලිංගික අතවර  චෝදනා සහිත සූරියවැව චීවරධාරියෙක් සාමනේර හිමි නමකට කළ බරපතල ලිංගික හිංසනයක් නිසා  අත්අඩංගුවට.

Next Post

ජම්මු කාෂ්මීර්  කෘෂිකර්ම නිෂ්පාදන දෙගුණයක් කර ගැනීමට නව කෘෂිකර්ම සංවර්ධන සැලැස්මක්.

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.