අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රූපවාහිනි රියලිටි වැඩසටහන්කාර වෘකයාගේ ළමා අපරාධ රැල්ල හෙළිවෙයි

පහත් වීඩියෝ රැසක් පන්නිපිටිය නිවසේ.... ඉංග්‍රිසි ගුරුවරයකු ලෙසින් රඟපාලා...

by editor
ජූලි 26, 2020
in පුවත්
Share on FacebookShare on Twitter
  • විමර්ශන අරඹන්නෙ දේශබන්දු තෙන්නකොන්ට විදෙස් මිතුරෙකුගෙන් ලැබුණු වීඩියෝවක් නිසා…
  • අපයෝජනයට ලක් වී ඇත්තේ සැකකරුගේ පුද්ගලික පන්තියට එන දරුවන්…
  • දරුවන් අපයෝජනයට කලින් ප්‍රසිද්ධ බාලිකා පාසල්වල නිල ඇඳුම් අන්දවලා වීඩියෝ කරලා…
  • නොදරුවන් අපයෝජන කරන වීඩියෝ අන්තර්ජාලයට එක් කරලා…

ළමයින් අපයෝජනයට ලක්කර ඒවා වීඩියෝගත කර අන්තර්ජාලයට එක් කිරීමේ වැඩපිළිවෙළක් කලක් තිස්සේ රහසිගතව සිදු කළ බව කියන පුසිද්ධ රූපවාහිනි නාලිකාවක කිහිපයකම ළමා රියලිටි වැඩසටහන් පසුතල නිර්මාණ කරුවෙකු ලෙස කටයුතු කරන අයෙක් ඊයේ (25) රාත්‍රියේ අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් සමත් ව ඇත. එම පොලිස් කණ්ඩායමේ ප්‍රධානත්වය දරන්නේ මාතර පොලිස්  ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය වන වරුණි බෝගහවත්තය.

සැකකාර පසුතල නිර්මාණ ශිල්පියා  ඊයේ (25) රාත්‍රියේදී පන්නිපිටියේ පිහිටි සිය නිවසේ දී අත්අඩංගුවට  ගෙන තිබේ. එහිදී ළමයින් අපයෝජනය කිරීම් ඇතුළත් වීඩියෝ දර්ශන විශාල ප්‍රමාණයක් සොයා ගැනීමටද පොලිස් කණ්ඩායමට හැකියාව ලැබී තිබේ. එම පුද්ගලයා ඉංග්‍රිසි ගුරුවරයකු ලෙස උපකාරක පංති ද පවත්වන්නකු බව පොලිස් විමර්ශනවලින් පෙනී ගොස් ඇති අතර ඔහු ඉංග්‍රීසි භාෂාව දරුවන්ට ඉගැන්වූවත්   ඒ සම්බන්ධයෙන් නිසි දැනුමක්  නොමැති අයකු බවට ද අනාවරණය වී තිබේ.

මෙම සැකකරුවා අත්අඩංගුවට ගැනීමට අදාළ මූලික තොරතුර ලැබෙන්නේ බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්කොන්ට ඔහුගේ විදෙස්ගත මිතුරකු මගිනි.  ඔහු විදේශයක සිට යොමු කරන ලද ළමා අපයෝජන වීඩියෝ දර්ශනයකට අදාලව මෙම විමර්ශනය සිදුවී ඇත්තේ වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න  ගේ නියෝග මතය. මෙම විමර්ශනය සඳහාම වරුණි බෝගහවත්තව කොළඹට කැඳවා කොල්ලුපිටිය පොලිස් ස්ථානය කේන්ද්‍රකර ගනිමින් විමර්ශනය සිදුවී තිබේ.

සැකකරු ගැහැණු දරුවන් මෙන්ම පිරිමි දරුවන්වද අපයෝජනයට ලක්කර ඇති අතර ඊට අදාල වීඩියෝ දර්ශන රාශ්‍රියක් සොයාගෙන ඇති බවත් පොලීසිය කියයි. මෙසේ ඔහු අපයෝජනයට ලක්කර ඇත්තේ තමාගේ උපකාරක පංතියට සහභාගිවූ දරුවන් බවද විමර්ශන වලින් පෙනී ගොස් ඇත. මුලින්ම ඔහු දරුවන්ට පාසල් ඇඳුමක් අන්දවා එය වීඩියෝ කර අනතුරුව අපයෝජනයට ලක්කරන බවත් ඒ සියල්ලක්ම ඔහු වීඩියෝ ගත කර ඇති බවත් විමර්ශන වලින් අනාවරණය වී තිබේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

රටේ ප්‍රධාන පෙළේ පාසල් කිහිපයකම නිල ඇදුම්වලට  සමාන ඇදුම් සහ නිල ඇදුම්වලට අල්ලන පාසල් නිල ලාංඡන  රැසක්ද සැකකරුගේ නිවසේ තිබී පොලීසියට හමුවී ඇත. දරුවන් අපයෝජනය කිරීමට පෙර ඔහු විසින් එම දරුවන්ට අදන්දවන පාසල් නිල ඇඳුමට මේ එක් එක් පාසල්වල බැජ් අලවා එම දරුවන් ප්‍රධාන පාසල්වල දරුවන් ලෙස ඇඟවීමට සැකකරු කටයුතු කර ඇති බව පැවසේ.

එසේ අපයෝජනයට ලක්වූ දරුවන් පිළියන්දල, පන්නිපිටිය, මහරගම ආදී ප්‍රෙද්ශවල අය බවද හඳුනාගෙන ඇත. මෙම පුද්ගලයා වයස අවුරුදු 45 ක පමණ අයෙක් බවත් බිරියගෙන් වෙන්ව ජීවත් වන අයෙක් බවත් විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු සඳහන් කර ඇත්තේ තමන් දරුවන් සමග සිටින කිසිදු වීඩියෝවක් අන්තර්ජාලයට එක් නොකළ බවය. තමා සතුව තිබුණු වීඩියෝ රැසක් අඩංගු පෙන්ඩ්‍රයිව් එකක් අස්ථානගතවූ බවත් එම පෙන්ඩ්‍රයිව් එක හමුවූ අයෙක් එය අන්තර්ජාලයට යොමුකර ඇති බවත් සැකකරු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත. එහෙත් එය විශ්වාස කළ නොහැක්කක් බවත් ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුවන බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

මේ පුද්ගලයා නිවෙස්වලට ගොස් කණ්ඩායම් වශයෙන් උපකාරක පංති පවත්වන අයෙකු බවත් ඊට අමතරව පන්නිපිටියේ නිවසේදී ද කුඩා කණ්ඩායම් පංති පවත්වන බවත් අනාවරණය වී ඇත. තමාගෙන් අධ්‍යාපනය ලැබීමට පැමිණි දරුවන් අපයෝජනයට ලක් කරමින් වීඩියෝගත කර ඇත්තේ ඔහු පදිංචි නිවසේදී බවද අනාවරණය වී තිබේ.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

මෙම පුද්ගලයා අදාළ රූපවාහිනි රියලිටි වැඩසටහන්වලට තමන්ට ඇති සබඳතාව උපයෝගී කර ගෙන ඇතිද යන්න පිළිබඳවද මේ වනවිට විමර්ශන සිදු කෙරෙමින් පවතී.

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

අනතුරුදායක යතුරුපැදි තරගයක් සංවිධානය කල ෆෙස් බුක් කල්ලියට වැඩ වරදී

Next Post

අපේ ඡන්දෙන් ෆේස්බුක් ගොඩයන හැටි

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.