- විමර්ශන අරඹන්නෙ දේශබන්දු තෙන්නකොන්ට විදෙස් මිතුරෙකුගෙන් ලැබුණු වීඩියෝවක් නිසා…
- අපයෝජනයට ලක් වී ඇත්තේ සැකකරුගේ පුද්ගලික පන්තියට එන දරුවන්…
- දරුවන් අපයෝජනයට කලින් ප්‍රසිද්ධ බාලිකා පාසල්වල නිල ඇඳුම් අන්දවලා වීඩියෝ කරලා…
- නොදරුවන් අපයෝජන කරන වීඩියෝ අන්තර්ජාලයට එක් කරලා…
ළමයින් අපයෝජනයට ලක්කර ඒවා වීඩියෝගත කර අන්තර්ජාලයට එක් කිරීමේ වැඩපිළිවෙළක් කලක් තිස්සේ රහසිගතව සිදු කළ බව කියන පුසිද්ධ රූපවාහිනි නාලිකාවක කිහිපයකම ළමා රියලිටි වැඩසටහන් පසුතල නිර්මාණ කරුවෙකු ලෙස කටයුතු කරන අයෙක් ඊයේ (25) රාත්‍රියේ අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් සමත් ව ඇත. එම පොලිස් කණ්ඩායමේ ප්‍රධානත්වය දරන්නේ මාතර පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය වන වරුණි බෝගහවත්තය.
සැකකාර පසුතල නිර්මාණ ශිල්පියා ඊයේ (25) රාත්‍රියේදී පන්නිපිටියේ පිහිටි සිය නිවසේ දී අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී ළමයින් අපයෝජනය කිරීම් ඇතුළත් වීඩියෝ දර්ශන විශාල ප්‍රමාණයක් සොයා ගැනීමටද පොලිස් කණ්ඩායමට හැකියාව ලැබී තිබේ. එම පුද්ගලයා ඉංග්‍රිසි ගුරුවරයකු ලෙස උපකාරක පංති ද පවත්වන්නකු බව පොලිස් විමර්ශනවලින් පෙනී ගොස් ඇති අතර ඔහු ඉංග්‍රීසි භාෂාව දරුවන්ට ඉගැන්වූවත් ඒ සම්බන්ධයෙන් නිසි දැනුමක් නොමැති අයකු බවට ද අනාවරණය වී තිබේ.
මෙම සැකකරුවා අත්අඩංගුවට ගැනීමට අදාළ මූලික තොරතුර ලැබෙන්නේ බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්කොන්ට ඔහුගේ විදෙස්ගත මිතුරකු මගිනි. ඔහු විදේශයක සිට යොමු කරන ලද ළමා අපයෝජන වීඩියෝ දර්ශනයකට අදාලව මෙම විමර්ශනය සිදුවී ඇත්තේ වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ගේ නියෝග මතය. මෙම විමර්ශනය සඳහාම වරුණි බෝගහවත්තව කොළඹට කැඳවා කොල්ලුපිටිය පොලිස් ස්ථානය කේන්ද්‍රකර ගනිමින් විමර්ශනය සිදුවී තිබේ.
සැකකරු ගැහැණු දරුවන් මෙන්ම පිරිමි දරුවන්වද අපයෝජනයට ලක්කර ඇති අතර ඊට අදාල වීඩියෝ දර්ශන රාශ්‍රියක් සොයාගෙන ඇති බවත් පොලීසිය කියයි. මෙසේ ඔහු අපයෝජනයට ලක්කර ඇත්තේ තමාගේ උපකාරක පංතියට සහභාගිවූ දරුවන් බවද විමර්ශන වලින් පෙනී ගොස් ඇත. මුලින්ම ඔහු දරුවන්ට පාසල් ඇඳුමක් අන්දවා එය වීඩියෝ කර අනතුරුව අපයෝජනයට ලක්කරන බවත් ඒ සියල්ලක්ම ඔහු වීඩියෝ ගත කර ඇති බවත් විමර්ශන වලින් අනාවරණය වී තිබේ.
රටේ ප්‍රධාන පෙළේ පාසල් කිහිපයකම නිල ඇදුම්වලට සමාන ඇදුම් සහ නිල ඇදුම්වලට අල්ලන පාසල් නිල ලාංඡන රැසක්ද සැකකරුගේ නිවසේ තිබී පොලීසියට හමුවී ඇත. දරුවන් අපයෝජනය කිරීමට පෙර ඔහු විසින් එම දරුවන්ට අදන්දවන පාසල් නිල ඇඳුමට මේ එක් එක් පාසල්වල බැජ් අලවා එම දරුවන් ප්‍රධාන පාසල්වල දරුවන් ලෙස ඇඟවීමට සැකකරු කටයුතු කර ඇති බව පැවසේ.
එසේ අපයෝජනයට ලක්වූ දරුවන් පිළියන්දල, පන්නිපිටිය, මහරගම ආදී ප්‍රෙද්ශවල අය බවද හඳුනාගෙන ඇත. මෙම පුද්ගලයා වයස අවුරුදු 45 ක පමණ අයෙක් බවත් බිරියගෙන් වෙන්ව ජීවත් වන අයෙක් බවත් විමර්ශනයේදී අනාවරණය වී තිබේ.
ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු සඳහන් කර ඇත්තේ තමන් දරුවන් සමග සිටින කිසිදු වීඩියෝවක් අන්තර්ජාලයට එක් නොකළ බවය. තමා සතුව තිබුණු වීඩියෝ රැසක් අඩංගු පෙන්ඩ්‍රයිව් එකක් අස්ථානගතවූ බවත් එම පෙන්ඩ්‍රයිව් එක හමුවූ අයෙක් එය අන්තර්ජාලයට යොමුකර ඇති බවත් සැකකරු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත. එහෙත් එය විශ්වාස කළ නොහැක්කක් බවත් ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුවන බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
මේ පුද්ගලයා නිවෙස්වලට ගොස් කණ්ඩායම් වශයෙන් උපකාරක පංති පවත්වන අයෙකු බවත් ඊට අමතරව පන්නිපිටියේ නිවසේදී ද කුඩා කණ්ඩායම් පංති පවත්වන බවත් අනාවරණය වී ඇත. තමාගෙන් අධ්‍යාපනය ලැබීමට පැමිණි දරුවන් අපයෝජනයට ලක් කරමින් වීඩියෝගත කර ඇත්තේ ඔහු පදිංචි නිවසේදී බවද අනාවරණය වී තිබේ.
මෙම පුද්ගලයා අදාළ රූපවාහිනි රියලිටි වැඩසටහන්වලට තමන්ට ඇති සබඳතාව උපයෝගී කර ගෙන ඇතිද යන්න පිළිබඳවද මේ වනවිට විමර්ශන සිදු කෙරෙමින් පවතී.