ලලිත් චාමින්ද –
රුහුණු විශ්වවිද්‍යාලයේ කරාපිටිය වෛද්‍ය පිඨයේ ඉගෙනුම ලබන දෙවැනි වසරේ වෛද්‍ය සිසුන්ගේ පංති තහනම්කිරිමක් සිදුකොට නොමැති බවත් එම සිසුන්ට විශ්වවිද්‍යාල භුමියට ඇතුල්විම තහනම්කොට ඇති බවත් රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුජිව අමරසේන පවසයි.
දෙවැනි වසරේ ඉගෙනුම ලබන සිසුන් 260කට ආසන්න පිරිසකට විශ්වවිද්‍යාල භුමියට ඇතුල්විම තහනම් කිරිමට විශ්වවිද්‍යාල පාලනඅධිකාරිය මගින් පියවරගෙන ඇති බවද උපකුලපතිවරයා පවසයි.
මේ පිළිබද ලංකාසර කළ විමසුමකදි මහාචාර්ය සුජිව අමරසේන මෙසේද කිවේය.
“දෙවැනි වසරේ ඉගෙනුම ලබන මෙම සිසුන් දෙවැනි එම්.බි බිඑස් විභාගයට පෙනී සිට ප්‍රථිපල අපේක්ෂාවෙන් තමයි ඉන්නේ. ඒ අයට මේ දිනවල නිවාඩුයි. මේ දිනවල මෙම සිසුන්ට කිසිදු අධ්‍යයන කටයුත්තක් නැහැ. ප්‍රායෝගික හා සායනික පංති කිසිවක් නැහැ. එම නිවාඩු කාලය තුළ විශ්වවිද්‍යාල භුමියට ඇතුල්විම තහනම් කරලා තියෙනවා. “
“මෙම සිසුන් කණ්ඩායම තමයි නවක සිසුන් කණ්ඩායමට කරදර කරණ සිසුන් කණ්ඩායම. මෙතන නවකවද සිද්ධියක් නැහැ. නවක සිසුන් පිළිගැනිමේ දි ටයිපටි පැළඳ කලිසම් ඇඳලා අත්දිගට දමලා ඉන්න කියලා තියෙනවා. ගැහුණු ළමුන්ට සාරි ඇඳලා කොණ්ඩා මෝස්තර දමලා එන්න කියලා තිබුණා. මෙතනදි ළමයි ලස්සනයි. “
“නමුත් අපි හිතන්නේ මේක නවක වදයක් කියලා මෙහි සංකල්පය වැරදියි. ඒ නිසා තමයි අපි දෙවැනි වසරේ සියලුම සිසුනට දැනුම් දුන්නේ විශ්වවිද්‍යාල භුමියට එන්න එපා කියලා.” උපකුලපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.







