තම නවතම “කින්සාල් හයිපර්සොනික්“ මිසයිල ප්‍රථම වරට යුක්රේනයේදී භාවිතා කළ බව රුසියාව අද වාර්තා කළේය.
මේ අතර එක්සත් ජාතීන්ගේ පළමු ආධාර රථ පෙළ නැගෙනහිර යුක්රේනයේ සුමි නගරයට පැමිණියේය. එමෙන් ඊයේ දිනයේ දී මානුෂීය කොරිඩෝ හරහා 9,100 කට වැඩි පිරිසක් යුක්රේන නගරවලින් ඉවත් කළ බව යුක්රේනය පවසයි.
ඉවත් කරන ලද අයගෙන් අඩකට වඩා මරියුපොල් නගර වාසීන්ය. වටලනු ලැබූ මරියුපොල් නරගයෙන් පුද්ගලයන් 4,972 ඊයේ දිනය තුළ නගරය හැර ගොස් තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ යුද්ධය හේතුවෙන් ලක්ෂ 65ක ජනතාවක් අභ්‍යන්තරව අවතැන් වී ඇති බවයි. මේ වනවිට ලක්ෂ 32ක් යුක්රේනය අත්හැර ගොස් තිබේ.







