මහනුවර යටිනුවර වීදියේ ඉන්ධන පිරවුම්හළක පෝලිමේ සිටි පුද්ගලයකු අද සවස පෝලිමේ සිටියදී මියගොස් තිබේ.
අද පෙරවරු 7.00 පමණ සිට අද සවස 4.00 පමණ වන තෙක් පැය ගණනාවක් මහනුවර යටිනුවර වීදියේ කච්චේරිය ආසන්නයේ පිහිටි පිරවුම් හලේ භූමිතෙල් මිල දී ගැනීම සඳහා මෙම පුද්ගලයා පෝලිමේ රැ දි සිට ඇති බව සඳහන් වේ. ඔහු හදිසියේ අසනීප වී මෙසේ මියගොස් ඇත.
මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 71ක මහයියාවේ පදිංචිකරුවෙකි