සමන්තිකා වීරවර්ධන –
මේ වන විට පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය තරුණ කොටස් කෙරෙහි දැඩි බලපෑම් එල්ල කරන බැවින් තරුණ කොටස් එන්නත් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කරයි
රුසියාවේ නිෂ්පදනය කරන ස්පුට්නික් එන්නත අවුරුදු 60ට අඩු පුද්ගලයින් සඳහා ලබා දීමට මේ අනුව ඉදිරියේදී කටයුතු කරන බව ඔහු පැවසයි.
ස්පුටිනික් එන්නතේ මාත්‍රා ලක්ෂ දෙකක ප්‍රමාණයක් මෙම මාසය ඇතුළත මෙරටට ලැබීමට නියමිත බවත් ඉදිරියේදී තවත් එන්නත් මාත්‍රා මෙරටට ලැබීමට නියමිත බවත් සභාපතිවරයා සඳහන් කරයි.
ස්පුට්නික් එන්නත මෙරටට ලැබෙන ප්‍රමාණයන්ට අනුව එන්නතකරණය ආරම්භ කරන බවද වෛද්‍ය ගුණසේන සදහන් කරයි.







