රුමේනියාවේ අරීඩා හොරියා ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් මියගොස් තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇත්තේ පිළියන්ද ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු සහ බේරුවල ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි අයෙකි. ඔවුන් දෙදෙනා අරීඩා ප්‍රාන්තයේ කර්මාන්ත ශාලාවක සේවකයින් දෙදෙනෙකි.
පසුගිය 20 වැනිදා රාත්‍රියේ ස්වකීය වැඩමුරය නිමා වී මෙම පුද්ගලයින් දෙදෙනා පදික වේදිකාවේ ඇවිද යමින් සිටිය දී අසංවර රියදුරෙක් සිදුකළ අනතුරකින් මෙම මරණ සිදු වී ඇත. රියදුරාට රථයේ වේගය පාලනය කර ගත නොහැකිව රථය මාර්ගයෙන් ඉවතට පැන පදිකයින් දෙදෙනා යට කර තිබේ.
විසි හය හැවිරිදි රියදුරු තුවාල රහිතව බේරී තිබේ. රථයට බරපතල හානි සිදුවී ඇත.