සුමිත් පොතුපිටිය –
මොරගල්ල මුහුදේ දියනාමින් සිටි රුමේනියානු ජාතික සංචාරකයෙකු අද (07) දහවල් දියේගිලී මියගොස් ඇති බව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ මොරගල්ල ප්රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටී නිස්ටොරෙස්කූ ටීඩෝර් නමැති 71 හැව්රිදි රුමේනියානු ජාතිකයෙකු බව පොලිසිය සඳහන් කරයි.
මියගොස් ඇති රුමේනියානු සංචාරකයා මොරගල්ල සංචාරක හෝටලයක රැදී සිට ඇති අතර, එම හෝටලය ආසන්න මුහුදේ දියනාමින් සිටියදී අනතුර සිදුව ඇති බව සදහන් වේ.
ඔහු ගොඩගෙන බේරුවල ප්රාදේශිය රෝහලට රැගෙනවිත් ඇති අතර , ඒ වනවිටත් මියගොස් සිටි බව රෝහල් ප්රකාශකයෙක් පැවසීය .
මෘතදේහය බේරුවල ප්රාදේශීය රෝහලේ තැන්පත් කර ඇති බවත් , පශ්චාත් මරණ පරීක්ෂණය සදහා කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට රැගෙන යාමට නියමිත බවත් සදහන් වේ.
අලුත්ගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති .







