කීර්ති ප්‍රනාන්දු –
රුපියල ශක්තිමත් වෙමින් ඇති නිසා තව දෙදිනකින් සිදුවන ගෑස් මිල සංශෝධනයේ දී පවතින මිල ගණන්වලම එම රඳවා ගැනීමට හැකි උපරිම උත්සාහයක නිරත වන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් ලංකාසරට පැවසීය.
මෙවර නියත මිල වැඩිවීමක් සිදුවිය යුතු වුව ද පවතින වටපිටාව තුළ ගෑස් මිල වැඩි නොකර පවත්වා ගැනීමට හැකිවනු ඇති බවට ඔහු විශ්වාසය පල කළේය.
ගෑස් මිල සංශෝධනය තව දින දෙකකින් ප්‍රකාශ කිරීමට නියමිතය.







