දිනසේන රතුගමගේ –
රුපියල් ට්‍රිලියනයක මුදලක් ලබා ගැනීම සදහා වවුනියාවේ පුද්ගලයෙකු පැහැර ගැනීමට කොළඹ සිට පැමිණි සැකකරුවන් හය දෙනෙකු වවුනියාවේ පූවරසන්කුලම පොලීසිය විසින් 16 දා අත් අඩංගුවට ගෙන වවුනියාව පොලීසිය වෙත බාර දී තිබේ.
වවුනියාවේ නෙලුකුලම ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ බැංකු ගිණුමකට රුපියල් ට්‍රිලියනයක මුදලක් විදේශ රටකින් බැරවීමෙන් පසුව ඒ බව දැනගත් පුද්ගලයින් හය දෙනෙකු කොළඹ සිට මෝටර් රථ දෙකකින් වවුනියාවට පැමිණ අදාල පුද්ගලයාව පැහැර ගෙන තිබේ.
මේ පිළිබදව පූවරසන්කුලම පොලීසියට ලැබුණු තොරතුරක් මත අදාල සැකකරුවන් පිළිබදව විපරමෙන් සිට පුද්ගලයාව පැහැර ගැනීමෙන් පසුව අත් අඩංගුවට ගෙන වවුනියාව මුලස්ථාන පොලීසිය වෙත බාර දී ඇත.
වවුනියාව පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.