නතාෂා නෙත්මිණි –
බ්‍රිතාන්‍යයේ පැතිරුණු කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදය මෙරටට ඇතුළු වී ඇත්තේ විදේශයන්ගේ සිට පැමිණි පුද්ගලයින් 13 දෙනෙකුගෙන් බවත් රට තුළින් වාර්තා වූයේ පුද්ගලයින් 3 දෙනෙකු පමණක් බැවින් එම වෛසරය පැතිරීම පාලනය කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගෙන ඇති නිසා බියවීමට කිසිදු හේතුවක් නැති බවත් ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ සඳහන් කළාය.
ඇමතිවරිය වැඩිදුරටත් සඳහන් කළේ රටවල් 82ක මෙම නව වෛසරය පැතිර යන බැවින් මෙහි පැතිරීම වේගවත් වී ඇති නමුත් අප රටට තවමත් එතරම් බලපෑමක් සිදුව නැති බවය. මේ තත්වය මත කලබලවීමේ විශේෂ අවශ්‍යතාවක් නැතැයි ඇමතිනිය පැවසුවාය.
කොවිඩ් රෝගීන් සඳහා වෙන් කර තිබෙන දැඩි සත්කා ඒකකවලින් තවමත් පිරී ඇත්තේ සියයට 17ක් ප්‍රතිශතයක්වන අතර දැඩිසත්කාර ඒකක සම්බන්ධයෙන් ද අනියත බියක් ජනතාව ඇති කර ගත යුතු නැතැයි ද ඇය කීවාය.
නෙවිල් ප්‍රනාන්දු රෝහලේ වාට්ටු කීපයක් කොරෝනා රෝගීන් සදහා වෙන් කර ඇති අතර රෝහල සම්පූර්ණයෙන්ම කොවිඩ් රෝගීන් සඳහා වෙන්කරන්නේද යන්න පිලිබඳව අප කල විමසුමකදී ඇය සඳහන් කළේ දැනට සෞඛ්‍ය අමාත්‍යංශය මගින් කොවිඩ් රෝගීන් සඳහා වෙන්කර තිබෙන රෝහල් ප්‍රමාණවත් බවයි.
ඉදිරියේදී කොවිඩ් රෝගීන්ගේ යම් වැඩිවීමක් සිදුවුවහොත් පමණක් වෙනත් රෝහල්වල පවතින දැඩිසත්කාර ඒකක ලබා ගැනීමට කටයුතු කරන බවත් ඇය කීවාය.
ඇතැම් පුද්ගලයින් රට වසා දැමිමට යෝජනා ඉදිරිපත් කරන නමුත් මෙවන් අවස්ථාවක රට වසා දැමීමේ අවශ්‍යතාවක් නැති අතර රෝග පාලනය සඳහා එන්නත්කරණය ආරම්භ කර ඇති බවද ඇය පෙන්වා දුන්නාය.