සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂජනරාල්වරයා විසින් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 06ක් අද දින වාර්තා කළේය. පානදුර ප්‍රදේශයේ 74 හැවිරිදි පුද්ගලයෙක්, විලඔය ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක්, පිලියන්දල ප්‍රදේශයේ 48 හැවරිදි පුද්ගලයෙක්, කොච්චිකඩේ ප්‍රදේශයේ 77 හැවිරිදි පුද්ගලයෙක්, අම්බන්තොට ප්‍රදේශයේ 65 හැවිරිදි පුද්ගලයෙක්, නයිනමඩම ප්‍රදේශයේ 62 හැවිරිදි පුද්ගලයෙක් මෙසේ මිය ගොස් තිබුණහ. ඒ අනුව මේ වනවිට ලංකාවෙන් වාර්තාවන කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 409කි
එමෙන්ම අද දින කොවිඩ් ආසාදියන් 756ක් වාර්තා වූයේය. ඉන් 13ක් බන්ධනාගාර රැඳවියන්ය. මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලෙන් ලංකාවෙන් වාරතාවන සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගණන 73157ක් බව රජය පවසන්නේය.