බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“අරුවක්කාලු කසළ ව්‍යාපෘතිය විවෘත නොකොට මුතුරාජවෙල කුණු ගොඩගසා පරිසරය වනසනවා”

by Lanka Sara Editor
පෙබරවාරි 16, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කසළ නිසි ලෙස කළමනාකරණය සඳහා ඉදි කළ පුත්තලමේ අරුවක්කාලු ව්‍යාපෘතිය මඟින් දිනකට කසල ටොන් 1200 ක් කළමනාකරණය කළ හැකි වුව 2020 වසරේ මාර්තු මාසයේ සිට මේ වනතුරු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වී ඇති බවත් එම කසළ අද වන විට මුතුරාජවෙල වටිනා පරිසර පද්ධතිය කුණු කන්දක් සේ ගොඩගසා පරිසරය විනාශ කර අතැයි හිටපු අමාත්‍ය සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක මහතා පවසයි.

කෙසේ වුවද ව්‍යාපෘති යෝජනා ගණනාවකින් පසුව එයිට්කන් ස්පෙන්ස් සමාගමට මෙරට පළමු කැලිකසළ දහනයෙන් විදුලිය නිපදවන බලාගාරයක් ඇරඹීමට හැකි විම පිළිබඳව තමන් සතුටුවන බවද මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් හිටපු අමාත්‍යවරයා පවසයි.

“2017 වර්ෂයේ සිංහල අවුරුදු දිනයේ මීතොටමුල්ල ප්‍රදේශයේ සිදුවුණු ඛේදවාචකය ඔබ සියලුදෙනාටම මතක ඇතැයි සිතමි. එදින මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටී 33 දෙනෙක් එයට බිලිවී, සිය ගණනකට තමන්ගේ නිවාස අහිමිවීම, ලංකා ඉතිහාසයේ කුණු කන්දක් නාය යෑමෙන් සිදුවූ පළමු මානව ඛේදවාචකය විය.

මෙම කුණු කන්ද පිටුපස බරපතල කතාවක් ගැබ්වී තිබුණි. දශක දෙකක් තුනක් තිස්සේ පටන් මේ රටේ විද්‍යාත්මක ක්‍රමවේදයකට කසල බැහැර කිරීමට ගත් සෑම උත්සාහයක්ම‍ මහජන විරෝධතා හා දේශපාලන විරෝධතා නිසා අත්හැර දැමීමට සිදුවිය. කිරුලපන ප්‍රදේශයේ තිබූ තිබුණු කුණු මෝල හා ජීව වායු පද්ධතිය නිසි ආකාරයට නඩත්තු නොකර වසා දැමුණි. අනතුරුව ක්‍රම ක්‍රමයෙන් මට්ටක්කුලිය, බ්ලූමැණ්ඩල්, කොටිකාවත්ත, මීතොටමුල්ල හා කරදියාන ප්‍රදේශවල දැවැන්ත කුණු කඳු ගොඩගැසුණි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

එවකට පරිසර අමාත්‍යවරයා වශයෙන් මෙම කසල ප්‍රශ්නයට මා විසින් විසඳුමක් ගෙන එනු ලැබූවද එයට ද විරෝධතා එල්ල විය. එම විරෝධතා නොතකමින් අප විසින් දොම්පේ ප්‍රදේශයේ විද්‍යාත්මක කසල රඳවනයක් සැකසීමට මධ්‍යම පරිසර අධිකාරිය හරහා ක්‍රියා කළේය. එපමණක් නොව ‘පිළිසරු’ වැඩපිළිවෙල යටතේ කසල වෙන් කිරීම, කසලින් කොම්පෝස්ට් පෙහොර සැකසීම වැනි කටයුතු ආරම්භ කරන ලදි. මේ රටේ බොහෝ දෙනෙක් මේ පිළිබඳව විවේචන කර තිබේ. ඇතැම් ආචාර්ය මහාචාර්යවරු කතා හා දේශන පවත්වා තිබේ. විදේශගතවී තිබේ.

කසළ කළමනාකරණය සම්බන්ධයෙන් මා විශේෂයෙන්ම නම් දෙකක් සඳහන් කර සිටිමි. ඒ නිමල් ප්‍රේමතිලක හා සුමිත් පිලපිටියයි. මෙම දෙදෙනා බලංගොඩ හා වැලිගම ප්‍රදේශවල කසළ කළමණාකරනය විධිමත්ව සිදුකර අපට ප්‍රායෝගික ආදර්ශයක් ලබාදීමට කටයුතු කළේය. ඒ ආදර්ශය ඔස්සේ යමින් එදා ‘පිළිසරු’ ව්‍යාපාරය මෙහෙයවූ මධ්‍යම පරිසර අධිකාරියේ ලාල් ප්‍රනාන්දු මැතිතුමා ඇතුළු පිරිස් විධිමත් කසළ අංගන රට පුරාම ඇතිකිරීමට කටයුතු කරන ලදි. නමුත් ඒ තුළින් කොළඹ කසල ප්‍රශ්නයට විසඳුමක් නොලැබුණු අතර මීතොටමුල්ල කසල ජාවාරමක් බවට පරිවර්ථනය විය.

කොළඹ නගරය ලස්සන කිරීමට මල් පෝච්චි නිර්මාණය කළද කොළඹ නගරයේ කුණු මීතොටමුල්ලේ ගොඩගැසී මානව ඛේදවාචකයක් නිර්මාණය වීමට හේතුවිය. විධිමත් ක්‍රමවේදයක් නොමැතිවීමෙන් කොළඹ නගරයේ කුණු ගෙනයෑමට ස්ථානයක් නොමැති වූ අතර ඊට විරෝධතා ද ඇති විය. කොළඹ නගරය කුණුවලින් වැසී අවසානයේ ඩෙංගු මාරයාට සිය ගණන් පිරිස ගොදුරු වන තත්ත්වයක් නිර්මාණය විය.

එම තත්ත්වය මත එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මා අමාත්‍ය ධුරය දැරූ මහනගර අමාත්‍යාංශයට මෙම කසළ කළමනාකරණය කිරීමේ වගකීම බාරදුනි. අප විසින් සති දෙකක් තුළ කොළඹ නගරයේ කසල සම්පූර්ණයෙන්ම ඉවත්කොට කසල වෙන්කිරීමේ ක්‍රමවේදයක් ඇති කර කොළඹ කසල මුදල් බවට පරිවර්ථනය කළ හැකි ප්‍රතිචක්‍රීකරණ වැඩපිළිවෙක් ආරම්භ කරන ලදි. කෙරවලපිටියේ තාවකාලික මධ්‍යස්ථානයක් ආරම්බ කර පොහොර නිපදවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළ අතර කසලින් විදුලිය නිපදවන ව්‍යාපෘති තුනක් ආරම්භ කිරීම සඳහා ද කටයුතු කරනු ලැබීය.

2014 වර්ෂයේදී කොළඹ නගර සභාවත්, නාගරික සංවර්ධන අධිකාරියත් මීතොටමුල්ල ප්‍රදේශයේ කසලින් විදුලිය නිපදවන ව්‍යාපෘතියක් ඇති කිරීමට උත්සාහයක් ගෙන තිබුණි. නමුත් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට තිබූ ඉඩමට කොළඹ නගර සභාව විසින්ම කුණු දැමීම හේතුවෙන් එම ව්‍යාපෘතියට ඉඩම අහිමි වී තිබුණි. විධිමත් විදුලි අයක්‍රමයක්, විධිමත් පරිසර අධ්‍යයනයක්, කසලින් විදුලිය නිපදවූවාට පසු ඉතුරුවන ඉහළින් පාවෙන හා ඝන අළුවලට (Fly ash & Bottom Ash) විසඳුමක් ද එම ව්‍යාපෘතියේ නොතිබිණ. අප විසින් විධිමත් පරිසර අධ්‍යයනයක් සිදුකර, විධිමත් ඉඩමක් තෝරාගෙන, අපද්‍රව්‍ය ගෙනයන ස්ථානයක් ඇතිකිරීමේ පරමාර්ථයෙන් යුතුව මෙම ව්‍යාපෘති තුනම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලදි.

මේ අතුරින් ගම්පහ ප්‍රදේශයේ ක්‍රියාත්මක කිරීමට තිබූ ව්‍යාපෘතිය, ව්‍යාපෘති බලපත්‍රය විකුණා මුදල් කිරීමේ ව්‍යාපාරයක් වී තිබූ හෙයින් අවලංගු කිරීමට සිදුවිය. කරදියාන ව්‍යාපෘතිය ලබාගත් පුද්ගලයා වෙනත් කාරණා මත මූල්‍යමය වශයෙන් බංකොලොත්වීම නිසා එම ව්‍යාපෘතියද අත්හැර දැමීමට සිදුවිය. මෙම ව්‍යාපෘතීන්හි භාරකාරත්වය බස්නාහිර කසළ කළමණාකරන අධිකාරියට ලබාදීමට අප විසින් කටයුතු කරන ලදි.

මේ අතුරින් සාර්ථකව නිමකළ ව්‍යාපෘතිය වූයේ, අද කෙරවලපිටියේ විවෘත වෙන Aitken Spence ආයතනයේ ව්‍යාපෘතියයි. ඒ පිළිබඳව අප සතුටු වන්නෙමු.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී විදුලි අය ක්‍රමයක් තනා ගැනීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය සමඟ සාකච්ඡා කිරීමේදී ලංවිම පවසන ලද්දේ, විදුලි ඒකකයක් සඳහා ලබාදිය හැකි උපරිම මුදල රුපියල් 23 ක් බවයි. නමුත් ඇතැම් අවස්ථාවල ඩීසල් බලාගාර වලින් විදුලි ඒකකයක් මිලදී ගැනීම සඳහා රුපියල් 90 ක් වැය කරන බව මේ රටේ සියලු දෙනා දනී. නමුත් අප ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියට ලංවිම ප්‍රතිචාරය වූයේ එයයි. ඒ අවස්ථාවේදී මහජන උපයෝගීතා කොමිසම විසින් විධිමත් අය ක්‍රමයක් අප වෙත සකස් කර ලබාදුන් අතර මුදල් අමාත්‍යාංශය, විශේෂයෙන්ම එහි ලේකම්තුමා මැදිහත් වී ඉතිරි මුදල මුදල් අමාත්‍යාංශයෙන් පියවීමට හා පළාත් පාලන ආයතනවලින් අය කරන ක්‍රමයක් ඇති කිරීමට කටයුතු කරන ලදි. ඒ පිළිබඳව සියලුදෙනාටම අපගේ ගෞරවනීය ස්තුතිය පිරි නමන්නෙමු.

මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට නම් අනිවාර්යෙන්ම කසල වෙන්කළ යුතුය. අපගේ කසල වල පවතින වාෂ්ප ප්‍රමාණය වැඩි හෙයින් මේ සඳහා පිටතින් යොදන බලශක්තිය වැඩි විය හැකිය. එහෙයින් රුපියල් 36.20 ක් වැනි මුදලකට මෙය සිදුකළ හැකිද යන ප්‍රශ්නය ද පැනනගී. එමෙන්ම වා තලයට මුදා හරින Fly Ash, ඒ වගේම පහලින් නිපදවෙන ඝන අළු (Bottom Ash) වලට විසඳුමක් අවශ්‍යය. ඒවායෙන් ගඩොල් සකස් කිරීම සිදු කරන බව ඇතැම් අය පවසති. නමුත් එය කොපමණ සාර්ථකව සිදුකළ හැකිද යන්න පිළිබඳව සොයා බැලිය යුතුය. එසේ නොවුනොත් මේ ව්‍යාපෘතියත් අසාර්ථක වියහැකි බව කිව යුතුය.

අප විසින් නිර්මාණය කළ අරුවක්කාලු ව්‍යාපෘතිය මඟින් දිනකට කසල ටොන් 1200 ක් කළමනාකරණය කළ හැකිය. එම ව්‍යාපෘතිය 2020 මාර්තු මාසයේ විවෘත කිරීමට කටයුතු යොදා තිබුණද, 2021 මාර්තු ආසන්න වුවත් මේ වනතුරු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වී තිබේ. එවකට අප විසින් එය ක්‍රියාත්මක කර කොළඹ නගරයේ කසල ගෙනයාම සිදු කරන ලද නමුත් අද වන විට මුතුරාජවෙල වටිනා පරිසර පද්ධතිය කුණු කන්දක් ගොඩගසා විනාශ කරමින් තිබෙන ආකාරය දැකගත හැකිය.

කයිවාරු නොගසමින් හැකි ඉක්මනින් මෙම ව්‍යාපෘතිය අවසන් කර, මේ රටේ කසල ප්‍රශ්නය විසඳීමට පියවර ගැනීම බස්නාහිර පළාත් කසළ කළමනාකරණ අධිකාරිය, කොළඹ නගර සභාව, අරුවක්කාලු ව්‍යාපෘතිය හා විශේෂයෙන්ම ආණ්ඩුව සතු ප්‍රධාන වගකීමකි.
අවුරුදු 40 ක් තිස්සේ මේ රටේ දේශපාලන බලපෑම මත පසුපසට ගිය යුද්ධය වගේම කුණු වූ, පල් වූ කසල ප්‍රශ්නය විසඳීම සඳහා විද්‍යාත්මක විසඳුම් ගැනීමට කැප වූ සියලු දෙනාටම, මේ රටේ පළමු විද්‍යාත්මක කසළ අංගනය ඉදිකිරීමට මුල් වූ, කොළඹ නගරයේ කසල එකතු කිරීම විධිමත් කිරීමට කටයුතු කිරීමට හැකිවූ, කසලින් විදුලිය නිපදවන ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් පුරෝගාමී මෙහෙවරක් කිරීමට හැකිවූ පුද්ගලයෙකු වශයෙන් මාගේ ගෞරවය මේ අවස්ථාවේ පිරිනමමි

Tags: නවතම
Share69Tweet43
Previous Post

පළමු ඩීඅයිජී නෝනා වෙනුවෙන් පළමු සී.ඊ.ඕ. නෝනාත් පෙරට එයි

Next Post

අද දින කොවිඩ් ආසාදිත පුද්ගල මරණය 06යි… ආසාදිතයන් 756යි…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.