කීර්ති ප්‍රනාන්දු –
කොළඹ රීඩ් මාවතේ තුරඟ තරග පිටියේ පිහිටි මැක්ඩොන්ලඩ්ස් අවන්හල තුළ අද (20) අලුයම 5.30ට පමණ සිදුවු පිපිරීමක් සමඟ ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය වාර්තා කරයි.
ගින්නෙන් කිසිදු පුද්ගලයෙකුටවත් තුවාල සිදුව නොමැති බවත් ගෑස් කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවටත් තොරතුරු බවටත් තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව පැවසීය.
තුරග තරඟ පිටියේ ප්‍රේක්ෂකාගාරයේ මෙම අවන්හල පිහිටා තිබිණි. ගින්න සැලවීමත් සමගම ගිනි නිවන හමුදාව එම ස්ථානයට ගොස් ගින්න සම්පූර්ණයෙන්ම නිවා දමා ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීය.