දිනසේන රතුගමගේ –
ලබන කන්නයේ සිට ගොවීන්ට මහ පාරේ වී වේලීමට ඉඩ ලබා නොදෙන ලෙස මුලතිව් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කේ.අකිලේන්ද්‍රන් මුලතිව් දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට ඊයේ (20) දා ලිපියක් ඉදිරිපත් කරමින් ඉල්ලා තිබේ.
මාර්ග වල ගොවීන් වී වේලීම නිසා මාර්ග වල ඉඩකඩ සීමිත වීම නිසා රථ වාහන අනතුරු බහුල වන බව පෙන්වා දී ඇති ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා මේ කන්නයේදී උතුරු පළාත් තුළ පුද්ගලයින් තුන් දෙනෙකු මියගොස් තවත් පස් දෙනෙකු තුවාල ලබා අත්තේ පාරේ වී වේලීමේ සිද්ධිය නිසා බවද පෙන්වා දී තිබේ.
ඊට වඩා බරපතල කාරණයක් වන්නේ අව් රශ්මිය මහපාරේ තාර විශේෂ සමග රත් වූ විට මිනිස් සිරුරට අහිතකර කැඩ්මියම් ඇතුළු තවත් රසායන ද්‍රව්‍ය කීපයක් වී සමග එකතු වී ඒම රසායන ද්‍රව්‍ය සහල් සමගද මූසු වීමට ඉඩ තිබිම බැව් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සදහන් කොට තිබේ.
මේ සියළුම රසායන ද්‍රව්‍ය පිළිකාකාරක රසායන ද්‍රව්‍ය බැවින් නිලධාරීන් හා ජනතාව ඒ පිළිබදව දැඩි අවධානයකින් යුතුව පියවර ගත යුතුව ඇති බවද එම නිලධාරියා සඳහන් කොට තිබේ.
මේ හේතුව නිසා ගොවීන්ට වී වේලා ගැනීම පිණිස රජය මැදිහත් වී කමත් ඉදි කොට දීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කරන ලෙස ඉල් ලීමක් කොට ඇති ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා එක්සත් ජාතීන්ගේ ආහාර වැඩ පිළිවෙළ විසින් එවැනි සෞඛ්‍යාරක්ෂිත කමත් තනා දෙන බවද පෙන්වා දී ඇත.