ඊයේ රාත්‍රියේ ගණේමුල්ල සුමේධ මාවතේ නිවසක දී පොලිස් විශේෂ කාර්ය බලකාය සහ විසින් පුද්ගලයෙක් ඝාතනය කර තිබේ.
පසුගිය 09 වැනිදා සෙනසුරාදා ජා ඇල පොලිස් වසමේ දඬුගම ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කළ අපරාධයකට අවශ්‍යකරන සැකකරුවෙක් අත් අඩංගුවට ගැනිමට යෑමේ දී සිදුවූ වෙඩි හුවමාරුවක දී මෙම පුද්ගලයා විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ වෙඩි පහරින් මිය ගිය බව පොලිසිය කියයි.
මෙම වැටලීම කර තිබුණේ ගෝණහේන පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් පිරිසක් විසිනි.
මියගොස් ඇත්තේ ඇහැලියගොඩ බුළුගහපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි තරුණයෙකි.
වෙඩි හුවමාරුවේ දී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙක් ද තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
ගණේමුල්ල පොලිසිය වැඩි දුර විමර්ශන පවත්වයි.