ජනාධිපතිවරයා කළ දැනුම් දීමකට අනුව ලෝක බැංකුව විසින් සංවිධානය කළ සමුළුවකට සහභාගී වීම සඳහා අමෙරිකාවේ වොෂිංටන් වෙත ගොස් සිටි අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ඊයේ (20) රාත්‍රි යළි දිවයිනට පැමිණ තිබේ.
අමාත්‍යවරයා දිවයිනට පැමිණි පසු මාධ්‍ය හමුවේ පැවසුවේ කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙලෙස තමා කැඳවු බවයි.
එමෙන්ම බාල බෙහෙත් සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ද ඔහු කැමතිනම් කතානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහි විශ්වාස භංග යෝජනාව පිළිබඳව අවසාන ඡන්ද විමසීමට කැඳවාගෙන එන ලෙස වේත්‍රධාරී කුෂාන් ජයරත්න බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට දැනුම්දි ඇත.
ඔහු මෙම දැනුම් දීම කර ඇත්තේ කතානායකවරයාගේ උපදෙස් මතය.