සුමිත් පොතුපිටිය –
ලොරි රථයක ගැටී වැන් රථයේ සිරවූ පුද්ගලයකු යකඩ දම්වැල් සහ ගල් ඉනි උපයෝගී කරගනිමින් විනාඩි 30 ක මෙහෙයුමකින් බේරාගැනීමට අද රාත්රියේ වස්කඩුවේ තරුණයන් පිරිසක් සමත්වූහ.
කළුතර දෙස සිට කොළඹ දෙසට ලොරි රථය ධාවනයවී තිබූ අතර, අධික වේගයෙන් පිටුපසින් පැමිණි වෑන් රථය කුඩා වස්කඩුව ප්රදේශයේ දී ලොරි රථයේ ගැටී අනතුර සිදුව ඇති බව පොලිසිය කීය.
විශාල හඬක් නගමින් අනතුර සිදුව ඇති අතර , ප්රදේශයේ තරුණයන් පිරිසක් ස්ථානයට ළගාවී ගල් ඉනි සහ යකඩ දම්වැල් උපයෝගී කරගනිමින් වැන් රථයේ සිරවී සිටී පුද්ගලයා විනාඩි 30 ක පමණ මෙහෙයුමකින් මුදාගන්නා ලදී.
ඒ වනවිටත් 1990 සුවසැරිය ගිලන් රථයක් ස්ථානයට ළගාවී තිබූ අතර ඔවුන්ගේ උපදෙස් අනුව තරුණ පිරිස කටයුතු කරනු ලැබීය.
කළුතර නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන්ද ස්ථානයට ළඟා වී තිබිණි ඒ වනවිටත් තරුණයින් අනතුරට පත් පුද්ගලයා මුදාගෙන 1990 සුවසැරිය ගිලන් රථයෙන් කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට රැගෙන යන ලදී.
වෑන් රථයේ ගමන් කළ පිරිස අලුත්ගම කළුවාමෝදර ප්රදේශයේ සංචාරකයින් පිරිසක් කැටුව ඒම සඳහා කටුනායක බලා යමින් සිට ඇති බව පොලිසිය කීය.
කළුතර උතුර පොලිසිය පරීක්ෂණ පවත්වයි..