තරුණ අරගලයේ ප්‍රබල සාමාජිකයෙක් මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකු වන රතිඳු සුරම්‍ය සේනාරත්න හෙවත් ‘රැට්ටා’ කොම්පඤ්ඤවීදිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 25 වැනිදා කොටුව මහේස්ත්‍රාත් උසාවිය ඉදිරිපිට පැවැත්වුණු උද්ඝෝෂණයේ දී පොලීස් නිළධාරීන්ගේ රාජකාරිවලට බාධා කළා යැයි පවසමින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
උද්ඝෝෂණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගන්නට පැමිණෙන්න යැයි දන්වා ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවට අරගලකරුවෝ චෝදනා එල්ල කරති.
ගෝල්ෆේස් පිටියේ අරගලය ඇරඹි දා සිටම ‘රැට්ටා’ එහි ක්‍රියාකාරි සාමාජිකයෙකු ලෙස කටයුතු කළේය.