ඝාතනයට ලක් වී අද (30) සවස අටලුගම මහ පල්ලිය සුසාන භූමියෙන් අවසන් ගමන් ගිය ෆාතිමා අයේෂා දැරියගේ සැකකාර ඝාතකයා නැතිවූ දැරිය සෙවීම සඳහා ගමේ තරුණයින් සමග එක්ව කටයුතු කරන ආකාරය රූපවාහිනී කැමරාවල සටහන් වී ඇත.
පොලිස් විමර්ශන අංශ පවසන්නේ ලැබුණු මූලික තොරතුරු මෙන්ම දැරිය සොයන මෙහෙයුම් කටයුතුවලදී මෙම පුද්ගලයාගේ පසු හැසිරීම විමර්ශනය කර ඔහුව සැක පිට අත්අඩංගුවට ගත් බවය.
කළුතර දිසා අපරාධ කොට්ඨාසය සහ පානදුර දිසා අපරාධ කොට්ඨාසය එක්ව කළ විමර්ශනවලට අනුවය. මෙම සිද්ධියේ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් පැවරීමට පොලිස්පතිවරයා කටයුතු කළේය.
ප්‍රදේශයේ එළවළු කොරටුවක් පවත්වාගෙන යන අයෙක් හා තවත් පුද්ගලයෙක් ඝාතනය සම්බන්ධව සැක පිට පොලිස් භාරයට ගැනුණි. පවුලේ සාමාජිකයින් 30කගෙන් ප්‍රකාශ සටහන් කර ගැනුනි.
මේ අතර අත්අඩංගුවට ගත් සැකකරු තමා පසුගිය 27 දා ෆාතිමා අයේෂා ඝාතනය කළ බව පාපොච්චාරණය කළේය. කුකුළු මස් රැගෙන නිවසට එන දැරිය දැකීමෙන් කාමාශාවක් ඇති වූ බවත් ඇයව අතුරුපාරකට කැඳවා ලඳු කැලෑවකට ගොස් අතවරයක් කිරිමට සූදානම් වෙද්දි දැඩි විරෝධයක් පල කළ දැරිය දෙමාපියන් වෙත මේ කාරණාව සැල කරනු ඇතැයි බියෙන් ඇයව ඝාතනය කළ බවත් පැවසුවේය.
දැරියගෙ පවුලට දුර ඤාතිකමක් සහිත දැරියගේ නිවසට නිතර යන එන පුද්ගලයෙක් වූ ඔහු මත්ද්‍රව්‍යයට හුරුවූ දැරියගේ පියා සමග මත්ද්‍රව්‍ය පානය කරන්නෙකි.
මෙම සැකකාර අපරාධකරු වයස අවුරුදු 03, 05, 08 වයස්වල පසුවන දරුවන් තිදෙනෙකුගේ පියෙකි. ඔහුගේ බිරිය තවත් දරුවෙක් ප්‍රසුත කිරීමට සූදානමින් සිටින ගැබිණියක් බව පොලිස් විමර්ශන අංශ කීවේය.
මෙම පුද්ගලයා දින 03ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දී ඇත. ඔහු අධිකරණයට ඉදිරිපත් කළ විට කිසිම නීතිඥයෙක් ඔහු වෙනුවෙන් වෙනුවෙන් පෙනී නොසිටීමට තීරණය කර තිබේ.